
මැදපෙරදිගට සාමය අවශ්‍යයි - කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශය
පසුගිය අප්‍රේල් 13 වනදා ඉරානය ඊශ්‍රායල භූමියේ තෝරාගත් ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරය සහ ඒ සඳහා බලපෑ හේතුද අනාගතයේ මැද පෙරදිග කලාපයේ යුද ගැටුම් ඇතිවීම වැලැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද කියුබානු විදේශ සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.
පහත පළ වන්නේ එම මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනයයි...
ඊශ්‍රායලය, එක්සත් ජනපද ආණ්ඩුවේ අනුග්‍රහය සහ සහාය ඇතිව, මැදපෙරදිග රටවලට එරෙහිව ක්‍රියාකිරීමත් ප්‍රචන්ඩ ක්‍රියාවන් වලට ලැබී ඇති දණ්ඩමුක්තිය නිසා මතුවන අන්තරායන් සම්බන්ධයෙන් කියුබානු රජය සමස්ත ලෝක ජනයා වෙත අනතුරු අඟවමු. ජාත්‍යන්තර නීතිය සහ 1961 වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් දමස්කස් හි ඉරාන ඉස්ලාමීය ජනරජයේ කොන්සල් කාර්යාලයට නීති විරෝධී ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව අනතුරේ හෙළා ඇති අතර, ලෝක සාමය පවත්වාගෙන යාමේදී අනපේක්ෂිත ප්‍රතිවිපාක මෙන්ම ගැටුම කලාපීයකරණය කිරීමටද හේතු වී තිබේ. අප්‍රේල් මස පළමු වනදා ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම ඊයේ(13) රාත්‍රියේ ඉරාන රාජ්‍යය දැක්වූ ප්‍රතිචාරයට උත්ප්‍රේරකයක් විය.
පලස්තීන ජනතාවට එරෙහිව මේ වන විට සිදු කෙරෙමින් පවතින ජන සංහාරයට තිත තැබීම සඳහා ගාසා තීරයේ ක්ෂණික සහ ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය වන අතර මැදපෙරදිග කලාපයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම නතර කිරීම සඳහා වන අපගේ ඉල්ලීම අපි යළිත් තහවුරු කරමු. කියුබාව සැමවිටම සාමය, යුක්තිය සහ ජාත්‍යන්තර නීතියට ගරු කරන පාර්ශවයේ සිට ගනු ඇත.
ඊශ්‍රායල-පලස්තීන ගැටුමට විස්තීර්ණ, සාධාරණ සහ කල්පවත්නා විසඳුමක් ලබා ගැනීමට 1967 ට පෙර පැවැති දේශසීමා තුළ ස්වෛරී සහ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම ඇප කැප වන තුරු මැද පෙරදිග සාමයක් සහ ස්ථාවරත්වයක් ඇති නොවන බව අපි නැවත අවධාරණය කරමු.ඒ අනුව නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අගනුවර වන අතර සරණාගතයින්ට ඔවුන්ගේ ඉඩම් වෙත ආපසු යාමට ඉඩ සලසනු ඇත. එලෙසම, තවදුරටත් ප්‍රමාදයකින් තොරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස පලස්තීන රාජ්‍යය ඇතුළත් කර ගැනීම සහතික කළ යුතුය.
2024 අප්‍රේල් 14 හවානා හිදී
Cuba calls for peace in the Middle East.Statement by the Ministry of Foreign Affairs
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
