
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කල් යයි... කාරණා දෙකකට එකඟ නෑ
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඳක් පමා වනු ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
කෙසේ වෙතත් ලබන ජුනි මාසයට පෙර එම කටයුතු අනිවාර්යයෙන්ම අවසන් කරන බවද රත්නායක මහතා කීය.
ණය හිමියන් සමග පැවති සාකච්ඡාවේදී කරුණු හතරක් පිළිබඳව අවධානය යොමු වූ අතර එයින් කරුණු දෙකකට දෙපාර්ශවයේම එකඟතාවය ලැබුණු බව රත්නායක මහතා සඳහන් කළේය.
මින් පෙර පැවති සාකච්ඡා වලදී ණය හිමියන් සහ ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල කාරණා රාශියක් සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණි බව කී රත්නායක මහතා තවමත් එකඟතාවයට පැමිණීමට නොහැකි වී ඇත්තේ අවසන් කාරණා හතරෙන් දෙකක් ගැන පමණක් බවද කීය.
පෞද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම යනු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බවද රත්නායක මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මෑතකාලීනව ලබා ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලුම ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් සිය තෘප්තිය ප්‍රකාශ කර ඇති බවද සාගල රත්නායක මහතා කීය.
ද්විපාර්ශ්වික ණය කරුවන්ගෙන් සමන්විත නිල ණයකරුවන්ගේ කමිටුව (OCC) සමඟ ලංකාව සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා තිබෙන බව කී රත්නායක මහතා ලංකාව චීනය සමඟ ද සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා ඇතැයි සඳහන් කළේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (15) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේය.
– Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
