
අවුරුදු කන්න ඩොලර් මිලියන 530ක භාණ්ඩ ගෙන්වලා
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකේ දී අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 530.9ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.
ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස දෙකේ දී මෙම පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැයකොට ඇත්තේ ඩොලර් මිලියන 420.7කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) මුල් මාස දෙකේ දී පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැයකොට ඇති මුදල සියයට 26.2කින් ඉහළ ගොස් ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.
මෙම වර්ෂයේ මුල් මාස දෙකේ දී පරිප්පු, ලූනු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 62.8ක මුදලක් වැයකොට ඇත. කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැයකොට ඇති මුදල ඩොලර් මිලියන 30.5කි. සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 61.6ක මුදලක් සහ මුහුදු ආහාර සඳහා ඩොලර් මිලියන 19.6ක මුදලක් වැය කර තිබුණි. කුළුබඩු සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 19.9කි. ධාන්‍ය හා ඇඹරුම් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 30.5ක මුදලක් වැය කර ඇත.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
