
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීමේ ඓතිහාසික ලේඛන ගම්මන්පිල ඉල්ලයි
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳව ඉන්දියානු මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වී ඇති බැවින්ද ඒ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන බවට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කරන බැවින් ද මේ සම්බන්ධ සැබෑ තත්වය පිළිබදව මෙරට ජනතාව දැනුම්වත් කල යුතු බව පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අරමුණින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් වන ඓතිහාසික ලේඛනයන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා දෙන ලෙස ඒ මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමට කටයුතු කර ඇත.
ඊට අදාල ලිපිය මෙහි දැක්වෙයි.
2024 අප්‍රේල් 11 දින
තොරතුරු නිලධාරි
විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
ශ්‍රීමත් බරොන් ජයතිලක මාවත
කොළඹ 1
හිතවත් තොරතුරු නිලධාරිතුමනි
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳ ඓතිහාසික ලේඛණ ලබා ගැනීම
කච්චතිව දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳ ඉන්දියානු මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වී ඇති බැවින් ද ඒ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන බවට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බැවින් ද මතු දැක්වෙන ලේඛණයන්ගේ පිටපත් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන අනුව හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නේ නම් සහතඥ වෙමි.
1) ශ්‍රී ලංකාව විසින් ඉතිහාසය පුරා කච්චතිව දූපත පාලනය කළ බවට ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේ සිට පවතින ඓතිහාසික සාක්ෂි
2) 17 වන සියවසේ දී කච්චතිව් දූපත ඉන්දියාවේ රාමනාද් රාජධානියේ පාලනයට නතු වීමට බලපෑ හේතු දැක්වෙන ලේඛණ
3) 1920 දී කච්චතිව් දූපත බ්‍රිතාන්‍ය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ අයිතිය තහවුරු කිරීමේ ලේඛණ
4) 1974 දී අත්සන් කළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා නිර්ණය කිරීමේ ගිවිසුම
5) 1976 මාර්තු මාසයේ දී අත්සන් කළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා නිර්ණය කිරීමේ ගිවිසුම
6) 1976 ජුලි මාසයේ දී අත්සන් කළ ඉන්දියාව, මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා නිර්ණය කිරීමේ ගිවිසුම
7) කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හුවමාරු වී ඇති ලිපි
8) කච්චතිව දුපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති සාකච්ජාවන්හි වාර්තා
මෙයට ඔබේ සේවයට කැප වුණු
උදය ගම්මන්පිල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
