News Category
From Date
To Date
Maximum Number of Result

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හෙළිකරයි

Apr 11, 2024 at 08:06 PM
|

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය සිවිල් සිසුන්ට මුදලට ලබා දීම සඳහා ප්‍රකාශ කෙරුණු කැබිනට් තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මඟින් ඊයේ(10)  ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී, මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහි දී, මෙම කැබිනට් තීරණය මඟින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය අංශයන් හි පවතින ගැටලූ උග්‍ර වන ආකාරයත්, රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට ඇති වන බලපෑමත්, මෙම කැබිනට් තීරණය පිටුපස පවතින පටු පෞද්ගලික දේශපාලන අවශ්‍යතාවයන් සම්බන්ධයෙනුත් අදහස් පළ කෙරිණි.

1981 අංක 68 දරන කොතලාවල ආරක්ෂක විද්‍යාල අභ්‍යාස ආයතන පනත මගින් ආරක්ෂක අංශයන් හි නියත පුද්ගලයන් සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබාදීමේ අරමුණ මූලික ව ආරම්භ කරන ලද සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා, පසුකාලීන ව නොයෙකුත් ආණ්ඩු මගින් ගෙන එන ලැබූ සංශෝධන මගින් වෛද්‍ය අධ්‍යාපනය සිවිල් පුද්ගලයන්ට මුදලට විකිණීමට තැත් කෙරුණු බව එම කමිටුව පෙන්වා දෙන ලදී. 

2018 අප්‍රේල් 11 වෙනි දින ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන ලද මේ ආකාර යෝජිත සංශෝධන අඩංගු කොතලාවල පනත ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයෙන් එල්ල වූ දැඩි විරෝධතාවයන් හමුවේ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු වූ බවත් නැවත වරක් 2021 සහ 2022 වසර වල කොතලාවල පනත සංශෝධනයන්ට ගත් සියලූ උත්සාහ ව්‍යර්ථ වූ පසුබිමක, කූට ලෙස කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා මෙම වසරේ සිට වෛද්‍ය උපාධිය සිවිල් සිසුන්ට මුදලට ලබා දීම යන තීරණය,  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විසින් ඉදිරිපත් කරන ලද බවත් එම කමිටුව මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 12 තුල භෞතික, මානව සම්පත් ආශ්‍රිත ගැටලූ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය මෙන්ම අනධ්‍යයන සේවක ගැටලූ රාශියක් පවතින අවස්ථාවක ඒවා නොසලකා ආරක්ෂක අමාත්‍යංශයට ඉහත යෝජනා සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ලාංකීය නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය තව දුරටත් වලපල්ලට ඇද දැමීමක් බවද, එක පසෙකින් Lyceum, NSBM, SLIIT, GATEWAY වැනි යෝජිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත්, අනෙක් පසෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට ගනු ලැබූ තීරණයත්, ආණ්ඩුවේ ගජ මිතුරු හවුල් කිහිපයක පෞද්ගලික මූල්‍ය ලාභ ප්‍රයෝජන අරමුණ කරගෙන ලාංකේය රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය බිල්ලට දීමක් ලෙස දකින බවත් එහිදී එම කමිටුව විසින් පෙන්වාදෙන ලදී.

ඉහත සඳහන් ගැටලු වලට අමතර ව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ස්වාධීන ව, ආරක්ෂක අමාත්‍යංශය යටතේ, ආරක්ෂක සේවාවන් හී නියත අයවලූන් සඳහා අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් බැවින්, එහි දී සිවිල් සිසුන්ට ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය, ගුණාත්මක භාවය සහ මිලිටරි ව්‍යූහය පිළිබඳ ව පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක් බවද එම කමිටුව පවසයි. 

2018 වසරේ දී ගැසට් කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් තවදුරටත් පවත්වාගෙන යන අයුරින් සිවිල් සිසුන් හට මුදලට වෛද්‍ය උපාධි පිරිනැමීමට නම් කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙහි භෞතික හා මානව සම්පත් ඉහළ නැංවීමට රජයට තවත් අධික පිරිවැයක් දැරීමට සිදු වන බව පැහැදිලි බවද, ආරම්භ කර වසර 4කට අධික කාලයක් ගත් වී මුත් තවමත් නිසි ආකාර වෛද්‍ය පීඨයක් හෝ ශික්ෂණ රෝහලක් නොමැති මොරටුව වෛද්‍ය පීඨය, අවසන් වසර මහාචාර්ය ඒකක අඩුපාඩු හේතුවෙන් පීඩා විදින වයඹ වෛද්‍ය පීඨය සහ සබරගමුව වෛද්‍ය පීඨය, මෙම වසරේ ආරම්භ කරන ලද භෞතික හා මානව සම්පත් ආශ්‍රිත ගැටලූ රාශියක් සහිත ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය සහ සමස්තයක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුධය මෙන් ම අනධ්‍යයන සේවක ගැටලූ වලින්, සමස්ත රාජ්‍ය වෛද්‍ය පීඨයන් පීඩා විදින වාතාවරණයක් තුල දී, රජයේ මූලික අරමුණ විය යුත්තේ ඒවාට ප්‍රතිපාදන සැපයීම මිස, දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ සුඛ විහරණය සහ මිලිටරි ව්‍යූහයන් තෘප්තිමත් කිරීම නොවන බව ද එම කමිටුව සඳහන් කරයි.

එමෙන්ම, මීට පෙර, උතුරු - කොළඹ වෛද්‍ය විද්‍යාලය ජන සතු කිරීමේ සටන, SAITM සටන සහ කොතලාවල පනත ආදී රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට තර්ජන එල්ල වූ අවස්ථාවන් හී දී ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය පැවති සෑම ආණ්ඩුවකටම එරෙහිව සටන් මෙහෙයවා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සුරක්ෂිත කළා සේම, අද මෙන්ම හෙටත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අනෙකුත් ශිෂ්‍ය සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, සිවිල් සංවිධාන සහ සියලූ ප්‍රගතිශීලී බලවේග සමඟ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් එක් ව නැගී සිටින බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.




සම්බන්ධිත පුවත් | Related News

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

ප්‍රධාන පුවත්

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.