
අධ්‍යාපනය සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය වෙළෙඳපොළට භාරදීමේ සැලසුම ගැන විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ දැඩි විරෝධය
යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රමුව පිළිබඳව විශ්ව විද්‍යාල අචාර්යවරුන් දැඩි විරෝධයක් දක්වා තිබේ.
මේ පිළිබඳව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් කරුණු පැහැදිලි කළ අතර එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කළ ආයතනයක් වන ජාතික අධ්‍යාපන කොමිසම විසින් මෙම ක්‍රියාවලියට පිටතින් මෙම ලේඛනය ඉදිරිපත් කර ඇති බවට වාර්තා ඉදිරිපත් කර ඇති බවය.
එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා පැවසුවේ ජනාධිපති හා අගමැති ඇතුළත් දහදෙනෙකුගෙන් පමණ සමන්විත කමිටුවක් විසින් පත්කරන ලද අනු කමිටුවක් මගින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බවය.
මෙම අනුකමිටුවේ සාමාජිකයන් කොතනකවත් සඳහන්කර නැති බවත්, මෙම කමිටුවේ 25 දෙනාගෙන් ගුරුවරු නියෝජනය කරමින්, ශිෂ්‍යන්, දෙමාපියන් නියෝජනයකරමින් හෝ අධ්‍යාපනවේදීන් නියෝජනයකරමින් කිසිවෙකු නොමැති බවත් ඒ මහතා පවසයි.
එම කමිටුවේ ඇත්තේ තොරතුරු තාක්ෂණය නියෝජනය කරමින් පෞද්ගලික ලාභ ලබන හයදෙනෙකු හෝ හත් දෙනෙකු ඇති බවත් මෙවැනි කමිටුවක් පත්කර තීන්දු තීරණ ගැනීමට කැබිනට්ටුවට ඇති සුජාතභාවය කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.
කැබිනට්ටුව විසින් අනුමත කර ඇති මෙම වාර්තාවේ මෙරට පිරිවෙන් අධ්‍යාපනයද නොමැති බවත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා වැඩිදුරටත් පවසයි.
එහිදී විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය නියෝජනය කරමින් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පැවසුවේ අධ්‍යාපනය පාලනය කිරීම සම්බන්ධව දැනට අධ්‍යාපන අමාත්‍යංශයට පවතින සියලු බලතල මෙම ජාතික අධ්‍යාපන කොමිසම මගින් ඉවත්කර ඇති බවය.
එය භාරදී ඇත්තේ ජනාධිපතිවරයාට බවත් ප්‍රථම වතාවට රාජ්‍යයේ නායකයා විසින් මෙම අධ්‍යාපනය සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය වෙළෙඳපොළට භාරදී ඇති බවටද ඒ මහතා චෝදනා නගයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
