IMF දැනුම්දීමෙන් සියලු රාජ්‍ය බැංකු ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇති පරිදි රාජ්‍ය බැංකුවල ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.
මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත.
නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය.
රාජ්‍ය හිමිකාරත්වය සහිත බැංකු ආයතනයන්හි සමස්ත පාලනය අවදානම් කළමනා කරණය සහ අධික්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පවතින දුර්වලතාවන් හේතු කොට ගෙන පසුගිය කාලසීමාව තුළ පැවති ආර්ථික අර්බුදය අතරතුරදී එම බැංකුවලට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත.
එබැවින් එවැනි දුෂ්කරතාවන් නැවත ඇති වීම වැළැක්වීම අරමුණු කරගෙන එම බැංකුවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන වල සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මඟින් හඳුනාගනු ලැබ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන තුළ අන්තර්ගත ව්‍යුහාත්මක අවශ්‍යතාවක් වශයෙන් මෙන්ම ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් යටතේ වන මුලික ක්‍රියාකාරකම් වශයෙන් ද එකී ප්‍රතිසංස්කරණයන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
ඒ අනුවල එම ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ