
ඊශ්‍රාලයේ ටෙල් අවිව් නුවර පැවැති විරෝධතාවයකට කඩා වැදුනු මෝටර් රථයක ගැටීමෙන් පස් දෙනෙකුට තුවාල
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ටෙල් අවිව් නුවර පසුගිය 6 වෙනිදා විරෝධතාවයක යෙදුනු පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. කෙසේ වුවද රියදුරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
එරට පොලිසිය සමාජ ජාලා වෙත කරන ලද කෙටි ප්‍රකාශයකට අනුව, මෙම සිදුවීම සිදුව ඇත්තේ රාජ්‍ය විරෝධී රැලියක් පැවැත්වෙන ටෙල් අවිව් නුවර "නමිර්" මාර්ගයේය.. මෙම රැළිය ඊශ්‍රායලය පුරා අගමැති නෙතන්යාහුට ඉවත්වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවල කොටසක් වූ අතර එහිදී ඊශ්‍රායල ජනතාව තවමත් ගාසා තීරයේ හමාස් ත්‍රස්තයන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙසද බල කර සිටියේය.
කෙසේ වුවද විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරය ඊශ්‍රායල දේශපාලඥයින් කිහිප දෙනෙකු විසින් හෙළා දකින ලද අතර, "ප්‍රචණ්ඩත්වය යනු කිසිදා තරණය නොකළ යුතු රතු ඉරක්" බවට ජනාධිපති අයිසැක් හර්සොග් අනතුරු ඇඟවීය.
ඊශ්‍රායලයේ හිටපු අධිකරණ අමාත්‍ය ගිඩියොන් සාර් විරෝධතාකරුවන්ට පහර දීම “පැහැදිලි බරපතල වෛරී අපරාධයක්” ලෙස හැඳින්වමින් වැරදිකරු නීතිය හමුවට පමුණුවන ලෙසද ඉල්ලා සිටියේය. තවද ඊශ්‍රායලයේ හිටපු අමාත්‍යවරයෙකුවූ හිලි ට්‍රොපර් ඊශ්‍රායල නායකත්වයෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරය “සෘජුව සහ පැහැදිලිව” හෙළා දකින ලෙසයි.
කෙසේ වෙතත්, සන්නිවේදන අමාත්‍ය ශොලොමො කර්හි ප්‍රචන්ඩ විරෝධතා උත්සන්න වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් “වාමවාදී” දේශපාලකයන්ට දොස් පැවරූ අතර ඔවුන් සමාජය ඉරා දැමීමට කටයුතු කරන බවට චෝදනා කළේය.
හමාස් සංවිධානය සමඟ ඊශ්‍රායලයේ යුද්ධය හයවැනි මාසයට එළැඹීමත් සමඟම ඊශ්‍රායලය තුළ මහා පරිමාණ විරෝධතා යළි ආරම්භ වී තිබේ. ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් නිදහස් කිරීමට තුඩු දෙන හමාස් සංවිධානය සමඟ සකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලා උද්ඝෝෂකයින් ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරීන්ගේ නායකත්වයෙන් පෙළපාලි මාලාවක් ඊශ්‍රායලයේ නගර කිහිපයක පැවැත්විණි. ඔවුහු හිතාමතාම සාකච්ඡා අසාර්ථක කිරීමට නෙතන්යාහු කටයුතු කළ බවට චෝදනා කළේය.
පසුගිය සතිය මුලදී විරෝධතාකරුවන් ජෙරුසලමේ නෙතන්යාහුගේ නිවසට කඩා වැදීමට උත්සාහ කිරීමත් සමඟ තත්වය නරක අතට හැරුණු අතර කැරලි මර්දන ක්‍රම භාවිතා කිරීමට පොලිසියට බල කෙරුනි.
ඔක්තෝබර් 7දා යුද්ධය ආරම්භ වීමට බොහෝ කලකට පෙර නිත්‍ය විරෝධතාවලට මුහුණ දුන් නෙතන්යාහු, හමාස් සංවිධානය සමඟ වන යුද්ධය "සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය" ලබා ගන්නා තෙක් ඊශ්‍රායලය දිගටම සටන් කරන බවත්, යුද්ධය අවසන් වූ පසු යුදෙව් රාජ්‍යය ගාසා තීරයේ "පූර්ණ ආරක්‍ෂක පාලනය" පවත්වාගෙන යනු ඇති බවත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
