හුණුගල් කැණීමට ඉඩම් ගැනීමට එරෙහි පොන්නාවේලි ප්‍රදේශයේ ජනයා විරෝධයේ... විරෝධය අතරට ආ ඇමැති දේවානන්දවත් පන්නයි
සිමෙන්ති කම්හලකට හුණුගල් ලබාගැනීමට කිලිනොච්චිය පුනරීන් පොන්නාවේලි හා කිරාංචි ප්‍රදේශවල ඉඩම් ලබාදීමේ සූදානමකට එරෙහිව පොන්නාවේලි ප්‍රදේශයේ ජනතාව දැක්වූ විරෝධතාවක් නතර කිරීමට ගිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාව උද්ඝෝෂකයන් විසින් පලවා හරිනු ලැබීය.
එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයාට උද්ඝෝෂකයන් විසින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් ඔහු යතුරුපැදියක නංවාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබේ. ගම්වාසීන් පැවසූවේ අමාත්‍යවරයා සිය හිතවාදීන් පිරිසක් සමඟ පැමිණ තම ඉඩම් සිමෙන්ති කම්හලකට පැවරීමේ සූදානමක් පැවති බැවින් තමන් ඊට විරෝධය දැක්වු බවයි.
කිලිනොච්චිය පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ ජනතාව යුද්ධය නිසා දැඩි පීඩාවට පත්ව සිය උපන් ගම්මාන අතහැර ගොස් වසර ගණනක් අවතැන්ව සිට නැවත පදිංචියට පැමිණ සිටිති. යුද්ධය හේතුවෙන් සිය මුල් ගම්මාන අතහැර මුලතිව් වෙත ගොස් අවසන් යුද සමයේ හමුදාවට භාරවී ඇති මෙම ගම්මුන් අනතුරුව වවුනියාව,සෙට්ටිකුලම්හි අවතැන් කඳවුරු තුළ කාලයක් රැඳී සිට 2010 හා 2011 වසරවල යුද්ධයෙන් විනාශ වු ගම්මාන වෙත නැවත පැමිණ තිබේ.
ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් නිසා තම ගම්බිම් යළි අහිමි වනු ඇතැයි ඔවුහු දැන් බියෙන් පසු වෙති. පොන්නාවේලි ගම්මානය ආශ්‍රිතව හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට හුණුගල් ඇති සීමා සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ භූ කැණීම් කර පරීක්ෂණ පවත්වා ඇතැයි ගම්වැසියෝ පවසති.
ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැණීමට සිමෙන්ති කර්මාන්ත ශාලාවකට මූලික අනුමැතිය ලබාදී ඇති බවත්, හුණුගල් කැණීම ගම්මානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළහොත් තමන්ට ගම්මානයේ ජිවත්විය නොහැකි බවත් සඳහන් කරමින් පොන්නාවේලි ගම්වාසීහූ දින 100ක් ඉක්වමා මේ වන විට අඛණ්ඩ විරෝධතා පවත්වමින් සිටිති.
- දිනසේන රතුගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්