
ජර්මානු පොලිස් නිලධාරීන් කලිසම් නොමැතිව විරෝධය දක්වති (video )
ජර්මානු පොලිස් සංගමයේ (DPolG) ඹවරිඅන් අංශය නිල ඇඳුම් හිඟයක් සම්බන්ධයෙන් කලකිරීම ප්‍රකාශ කිරීමට කලිසම් නොමැතිව නිලධාරීන් පෙනී සිටින වීඩියෝවක් නිකුත් කර තිබේ.
පසුගිය 01 දා සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන පෙලක් මගින්, ජර්මානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ මුර සංචාර මෝටර් රථයෙන් බැස කෙටි සංවාදයක් පවත්වනු ලබති. "ඉතින්, ඔබ කොපමණ කාලයක් බලා සිටියාද?" එවිට එක් අයෙකු මාස හතරක් ලෙස්ත් අනෙක් නිලධාරියා මාස හයක් ලෙසත් පවසයි. ඉන් පසුව ඔවුන් දෙදෙනා සිය බී.එම්.ඩබ්ලිව් මුර සංචරණ රථයෙන් බිමට බහින්නේ කලිසම් නැති බව පෙන්වමිනි.
වීඩියෝව අප්‍රේල් මෝඩයාගේ දිනයේ නිකුත් කළද, එය විහිළුවක් නොව, දැඩි නිල ඇඳුම් හිඟය කෙරෙහි අවධානය යොමු කිරීමට ගත් උත්සාහයක් බව වීඩියෝවේ පෙනී සිටින DPolG හි Bavarian ශාඛාවේ සභාපති Jurgen Kohnlein පැහැදිලි කළේය.
“අපගේ සගයන් තවදුරටත් වැදගත් ලෙස පිටතට යා නොහැකි තැනට පත් වී තිබෙනවා - වෙනත් වචන වලින් කියන්නේ නම් විනීත නිල ඇඳුමක් ඇඳගෙන රාජකාරි කළ නොහැකි තත්වයට පත්වී තිබෙනවා,” ඔහු පැවසීය.
ඔහුට අනුව, Bavarian පොලිස් නිලධාරීන් COVID-19 වසංගතය පැවැති සමයේ සිට සැපයුම් දාම අවහිරවීම හේතුවෙන් නිල ඇඳුම් හිඟය සමඟ කටයුතු කර ඇත.
"බැවේරියාවේ පොලිසිය 'නිරුවත්ව" සිටින අතර එහි අර්ථය නම් කලිසම් නොමැතිව සිටගෙන සිටිනවා ලෙස සැලකිය හැකියි." Kohnlein පැවසුවේ, හිස් වැසුම් ජැකට් සහ කලිසම් ඇතුළු විවිධ භාණ්ඩ 20කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් බලා සිටීමේ කාලය මාස කිහිපයක් දක්වා ගත විය හැකි බව අවධාරණය කරමිනි. බොහෝ අවස්ථාවල නිලධාරීන්ට තමා සතු නිල ඇඳුම් වල අවසන් කලිසමෙන් වැඩ කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
2020 වසරේ සිට සංගමය, නිල ඇඳුම්වල ගුණාත්මක භාවයේ අඩුපාඩු ගැන කතා කරන්නේ නැති වුවද නිල ඇඳුම් ලබා ගැනීමේ හිඟයක් ගැන දිගින් දිගටම අවධාරණය කරමින්, අමතර වියදම් වුවද, ගැටලුව වහාම විසඳන ලෙස ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
නිල ඇඳුම් ගැටලු සම්බන්ධයෙන් පොලිස් සංගමය ප්‍රසිද්ධියේ පැමිණිලි කළ පළමු අවස්ථාව මෙය නොවේ. ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, 2020 දී, බැවේරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අඩු ගුණාත්මක හා නොගැලපෙන නිල ඇඳුම් පිළිබඳ පැමිණිලි සිය ගණනක් ලියාපදිංචි කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
