
ජවිපෙ දිනන බවට ඉන්දියාවෙන් කිසි සමීක්‍ෂණයක් කර නෑ - උදය ගම්මන්පිල
ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බල වේගය ඉදිරියෙන් සිටින බවට ඉන්දියානු සමීක්ෂණයකින් හෙළි වූ බවට සිදු කරන ප‍්‍රකාශ අසත්‍ය බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
එවන් සමීක්ෂණයක් සිදු කර ඇත්නම් ඒ කවුදැයි ප්‍රසිද්ධියට පත්කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
කොළඹ එම පක්‍ෂ කාර්යලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
"ජනතා විමුක්ති පෙරමුණ එහෙම කියන පදනම කුමක්ද කියලා දැනගන්න ආසයි. ඒගොල්ලො පසුගිය ජනාධිපතිවරණයේදී ගෝල්පේස් පිට්ටනියත් පිරෙව්වා. එහෙම පිරෙව්වත් ලැබුණේ 3% තුනයි. අඩුම ගානේ කිසිම කෙනෙක් මේ දක්වා විද්‍යාත්මකව කළ ජනමත සමීක්ෂණයකින් එහෙම දෙයක් හෙළිදරව් කරලා නෑ.
දැන් කවුද ඔය ඉන්දියානු සමීක්ෂණය කළා කියන්නේ. කවුද ඒක දැක්කේ? ජනතා විමුක්ති පෙරමුණ ඕක දැක්කනම් ඕක හරි වටිනා දෙයක්නේ. එහෙනම් ඒක වහාම ප්‍රසිද්ධ කරන එකයි කළ යුත්තේ. මේ රටේ ජනතාව බත් වෙනුවට කන්නේ තණකොළ කියලා හිතාගෙන සමහරු හිතලු විදිහට කියන දේවල් ඔය. ඔහොම විද්‍යාත්මක සමීක්ෂණයක් මම නම් දැකලා නැහැ. අනුර කුමාර මැතිතුමා ගාව තියෙනවා නම් කරුණාකරලා ප්‍රසිද්ධ කරන්න.
ජවිපෙ නටවන ඕනෑම රාජ්‍යයක් ස්වාධීන මත විමසුමක් කරලා තියෙනවා නම් ඒක ප්‍රසිද්ධ කරන්න.
ජනතා විමුක්ති පෙරමුණ යම් රැල්ලක් හදාගත්තත් ඉන්දියානු සංචාරයෙන් අමූල් සමාගම සම්බන්ධ තමන්ගේ දෙබිඩ පිළිවෙත හෙළිදරව් කිරීමෙන් එක වතාවක් වලේ වැටුණා. ඒ වලින් ගොඩ යන්නත් කලින් කැනඩාවෙ ගිහිල්ලා කොටි බෙදුම්වාදීන් සමඟ පෙනී ඉඳලා පෙරටත් වඩා ගැඹුරු වලක වැටුණා. දැන් ජවිපේ ගොඩ එන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ. කැනඩා සංචාරයට කලින් කරපු ජනමත විචාර නම් දැන් කොහොමත් වලංගු නෑ. මේ සංචාර දෙක හරහා ජනතා විමුක්ති පෙරමුණ ගොඩ ගත නොහැකි වලක ඇද දමා තිබෙනවා."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
