ජවිපෙ දිනන බවට ඉන්දියාවෙන් කිසි සමීක්‍ෂණයක් කර නෑ - උදය ගම්මන්පිල
ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බල වේගය ඉදිරියෙන් සිටින බවට ඉන්දියානු සමීක්ෂණයකින් හෙළි වූ බවට සිදු කරන ප‍්‍රකාශ අසත්‍ය බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
එවන් සමීක්ෂණයක් සිදු කර ඇත්නම් ඒ කවුදැයි ප්‍රසිද්ධියට පත්කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
කොළඹ එම පක්‍ෂ කාර්යලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
"ජනතා විමුක්ති පෙරමුණ එහෙම කියන පදනම කුමක්ද කියලා දැනගන්න ආසයි. ඒගොල්ලො පසුගිය ජනාධිපතිවරණයේදී ගෝල්පේස් පිට්ටනියත් පිරෙව්වා. එහෙම පිරෙව්වත් ලැබුණේ 3% තුනයි. අඩුම ගානේ කිසිම කෙනෙක් මේ දක්වා විද්‍යාත්මකව කළ ජනමත සමීක්ෂණයකින් එහෙම දෙයක් හෙළිදරව් කරලා නෑ.
දැන් කවුද ඔය ඉන්දියානු සමීක්ෂණය කළා කියන්නේ. කවුද ඒක දැක්කේ? ජනතා විමුක්ති පෙරමුණ ඕක දැක්කනම් ඕක හරි වටිනා දෙයක්නේ. එහෙනම් ඒක වහාම ප්‍රසිද්ධ කරන එකයි කළ යුත්තේ. මේ රටේ ජනතාව බත් වෙනුවට කන්නේ තණකොළ කියලා හිතාගෙන සමහරු හිතලු විදිහට කියන දේවල් ඔය. ඔහොම විද්‍යාත්මක සමීක්ෂණයක් මම නම් දැකලා නැහැ. අනුර කුමාර මැතිතුමා ගාව තියෙනවා නම් කරුණාකරලා ප්‍රසිද්ධ කරන්න.
ජවිපෙ නටවන ඕනෑම රාජ්‍යයක් ස්වාධීන මත විමසුමක් කරලා තියෙනවා නම් ඒක ප්‍රසිද්ධ කරන්න.
ජනතා විමුක්ති පෙරමුණ යම් රැල්ලක් හදාගත්තත් ඉන්දියානු සංචාරයෙන් අමූල් සමාගම සම්බන්ධ තමන්ගේ දෙබිඩ පිළිවෙත හෙළිදරව් කිරීමෙන් එක වතාවක් වලේ වැටුණා. ඒ වලින් ගොඩ යන්නත් කලින් කැනඩාවෙ ගිහිල්ලා කොටි බෙදුම්වාදීන් සමඟ පෙනී ඉඳලා පෙරටත් වඩා ගැඹුරු වලක වැටුණා. දැන් ජවිපේ ගොඩ එන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ. කැනඩා සංචාරයට කලින් කරපු ජනමත විචාර නම් දැන් කොහොමත් වලංගු නෑ. මේ සංචාර දෙක හරහා ජනතා විමුක්ති පෙරමුණ ගොඩ ගත නොහැකි වලක ඇද දමා තිබෙනවා."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්