News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය දේපළ විකිණීමට නගර වැසියෝ එරෙහි වෙති

Apr 4, 2024 at 08:23 AM
|

ජනතාවට අයිති සේවා සපයන හෝ වානිජමය රාජ්‍ය ආයතන විකිනිණීමේදි හා අන්සතු කිරිමේදි ඒ සදහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවත්, සදාචාර විරෝධී ලෙස  රජයේ විධායක ඒකකයක් වන කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පමණක් පොදු දේපළ බැහැර කිරීම ජනතා පරමාධිපත්‍ය බලය  පාවාදීමක් හා ජනතා පරමාධිපත්‍යය අවතක්සේරු කිරීමක් වනබවත්, එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී වන බවත් අර්බන් සිටිසන් සංවිධානය පවසයි.

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත ලිපියක් යොමුකරමින් එම සංවිධානයේ සභාපතිනි ශර්මිලා ගෝනවෙල මහත්මිය පෙන්වා දෙන්නේ මෙසේ රාජ්‍ය ආයතන හා සම්පත් විකිණීමට වත්මන් ආන්ඩුවට ජනතා වරමක් ලැබි නොමැති බවයි.

අදාළ ලිපිය පහළින්...

ගරු රංජිත් සියඹලාපිටිය පා.ම
මුදල් රාජ්‍ය අමාත්‍ය,
මුදල් අමාත්‍යාංශ, 
කොළඹ 1.

ගරු ඇමති තුමනි,

අපගේ නියෝජිතයන් ලෙස පත්වන ඔබට අපගේ පැවැත්ම, නිදහස, සංවර්ධනය, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්  ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පොදු දේපල පවත්වාගෙන යෑමට හා සංවර්ධනය කිරීමේ වගකීම  පැවරෙනවා ඇත.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන  ජනතා නියෝජිතයන් පෙරලා ජනතාවට වගකීමට බැඳී  සිටින ඇති අතර පාරදුෂ්‍ය භාවයෙන්  පරිපාලන කටයුතුවල නියැලීමේ මූලික ගුණාංගය රැකිම ඔබගේ යුතුකමක් වන බවත් එසේ විය යුතු බවට අපේක්ෂා කිරීම ජනතාවට ඇති අයිතිවාසි කමක්ද වේ, 

ව්‍යවස්ථාවෙන් සහතික කර දී තිබෙන ජනතා පරමාදිපත්‍ය ආරක්ෂා කිරීම ඔබගේ පරම වගකීම වුනද මෑතක සිට අවාසනාවන්ත ලෙස ජනතා නියෝජිතයින් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් මෙම වගකීම ඉටු නොකොට සිතූමතේ රටට බලපාන  තීරණ ගැනිම කනගාටු දායකය.

පොදු දේපළ, රාජ්‍ය ව්‍යාපාර පිහිටුවන්නේද නඩත්තු කරන්නේද  හා පවත්වාගෙන යන්නේද භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලින් වන අතර ඒ සඳහා මහජන මුදල් යොදවන්නේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් වන බැවින් මෙම දේපල සියල්ලෙහි  හිමිකාරීත්වය ඇත්තේ  මහජනතාවටය.

ආන්ඩුවේ ප්‍රතිපත්ති  තීරණය කිරීමේ බලය කැබිනට් මන්ඩලයටද බදු පැනවීමේ හා මුල්‍ය පාලනය පාර්ලිමේන්තුවටද සතු වුනත් අතිගරු ජනාධිපති , කැබිනට් මන්ඩලය,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා  අමාත්‍යාංශ ලේකම්වරු තම බලය භාවිතා කළ යුත්තේ ජනතා සුභ සිද්ධිය පිනිස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව  පමණි. ඊට හේතුව ඔවුන් සියලු දෙනා විසින් මෙම බලය දරා සිටින්නේ ජනතාව වෙනුවෙන් දරන භාරයක් ලෙස පමනි.

එමනිසා ජනතාවට අයිති සේවා සපයන හෝ වානිජමය රාජ්‍ය ආයතන විකිනිමේදි හා අන්සතු කිරිමේදි ඒ සදහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව  ජනතා නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගත යුතුය.

සදාචාර විරෝධී ලෙස  රජයේ විධායක ඒකකයක් වන කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පමණක් පොදු දේපල බැහැර කිරීම ජනතා පරමාධිපත්‍ය බලය  පාවාදීමක් හා ජනතා පරමාධිපත්‍යය අවතක්සේරු කිරීමක් වනබවත් එම ක්‍රියාව වියවස්තා විරෝධී වන බවත් පෙන්වාදීමට කැමැත්තෙමු.

ප්‍රතිව්‍යුහගත කිරිමේ මුවාවෙන් සම්පුර්ණයෙන්ම රජයේ අයිතියෙන් බැහැර කිරිමට සැලසුම් කර ඇති දේපලවල අයිතිය පාර්ලිමේන්තුවේ‍ අනුමැතියකින් තොරව විකිණීමට ගෙන ඇති පියවර සම්බන්යෙන් විරුද්ධ නොවි නිහඩව සිටිම මගින් ඔබ සියලු දෙනාම ජනතා පරමාදිපත්‍යට සහා ජනතා අපේක්ෂාවට පිටුපා තිබෙන බව අපගේ මතයයි.

මෙසේ රාජ්‍ය ආයතන හා සම්පත් විකිණීමට වත්මන් ආන්ඩුවට ජනතා වරමක් ලැබි නොමැති බව අවධාරණය කර සිටිමු.

රාජ්‍ය මුල්‍ය අරමුදල (IMF) විසින්ද නිර්දේශය කර ඇත්තේ ප්‍රතිව්‍යුහගත කිරිමට මිස විකිණීමට නොවන බව මෙහිලා සදහන් කරන අතර රාජ්‍ය වියාපාර බිද වැටිමට හේතුවි ඇත්තේ අප පාලකයන් විසින් දක්ෂතාවය හෝ සුදුසුකම් මත පත්වීම් ලබා නොදීමත්  දූෂණය,නාස්තිය අකාර්යක්ෂමතාවය අවම කරමින්  ආයතනයේ  උන්නතිය උදෙසා තීරණ නොගැනීම, දේශපාලන හිතවත්කම් මත අධික සේවකයෙන් බඳවා ගැනීම වැනි කරුණු නිසා බව  රාජ්‍ය මූල්‍ය ආයතනය විසින් ශ්‍රි ලංකාව සම්බන්දයෙන් නිකුත් කර ඇති තාක්ෂණික වාර්තාවේ සදහන් කර ඇත.

තව දුරටත් IMF නිර්දේශ මගින් පෙන්වා දි ඇත්තේ  රජය සතු වියවස්තාපිත ආයතනයන් නිසි පාලන ක්‍රමවේදයන් අනුව පවත්වාගෙන යෑම සහා පාර්ලිමේන්තු කෝප් කමිටුවට වග වීමට යටත් කිරීම සදහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනය සදහා නව පනතක් ගෙන එන ලෙසය.

වර්තමාන ජනාධිපතිතුමන් පත්වීමෙන් අනතුරුව ගෙන එන ලද අතුරු අයවැයෙන් ව්‍යවස්ථාදායකය අවසර දී ඇත්තේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගතකිරීමට කමිටුවක් පත් කිරීමට වන අතර 2022.08.31 රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකකයක් ස්ථාපිත කිරීමට අනුමැතිය ලබාගෙන ඇත, පසුව 2022. 09.13  කමිටුවක් පත් කර ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට පටහැනිව ආර්ථික ස්ථායීකරණ හා  ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරනු ලබන කැබිනට් පත්‍රිකාවක් මෙම කමිටුවේ වගකීම් සඳහන් කරමින් එක් වගන්තියක් තුළින්  " ව්‍යාපාර SOE's ප්‍රමුඛතා පදනම මත ඉවත් කිරීමට හඳුනාගෙන ඇත " ලෙස සඳහන් කර ඇත. මෙම  " ඉවත් කිරීම " යන වචනය ඉතාමත් කූට ලෙස මෙම කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇත .

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහකරණය කිරීමට යැයි පවසමින් රටේ ආරක්ෂාවට හා  ස්වෛරීත්වයට බලපාන ඇතැම් පොදු දේපොළද ශක්තිමත් රාජ්‍යයන්හි භූදේශපාලනික අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා ලබාදෙමින් අප රටේ ස්වෛරීත්වය අනතුරේ නොදමන ලෙසත් වගකිවයුතු ජනතා නියෝජිතයකු ලෙස ව්‍යවස්ථාදායකයට පිටින් සිදුවන මෙම ක්‍රියාවලියට එරෙහි වන ලෙසත් ඔබගෙන් මෙසේ ඉල්ලා සිටිමු.

මෙයට
ශර්මිලා ගෝනවෙල 
සභාපති අර්බන් සිටිසන් සංවිධානය 

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.