
2022 දී දුන් බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලා
රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය ඉකුත් 31 දා ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායම් ප්‍රමාණය 2022 මූල්‍ය වර්ෂයේ එකතු කරගෙන ඇති බදු ආදායමෙන් සියයට 56 ක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක් ඉටුකරමින් මුදල් අමාත්‍යාංශය මෙසේ බදු වියදම් ප්‍රකාශය ප්‍රසිද්ධ කළ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර ඇත.
ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම් වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ ඇති එක් කැපවීමක් බවත් එම කැපවීම පසුගිය වසරේ මාර්තු මස ඉටුකළ යුතුව තිබුණු බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.
ඒ හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී අයි.එම්.එෆ් මීටරයට සිදුකළ යාවත්කාලීන කිරීමේදී මෙම කැපවීම ඉටුකර නොමැති කැපවීමක් ලෙස ඇතුළත් කළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
