
ජනපති අපේක්ෂකකමට නාමල් දැම්මොත් උදව්කරන්නේ නැහැ... පොහොට්ටුවේ 80%ක් ඉන්නේ රනිල් එක්ක - ප්‍රසන්න කියයි
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ “අලියා” ලකුණ හෝ “පොහොට්ටුව” ලකුණ නොවන සියලුම දෙනාට එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ, සිය දේශපාලන කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැති බවයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වරක් ජනාධිපතිධූරයට පත්වීමටනම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගට අත්‍යාවශ්‍ය වන බවයි.
“ මම දන්න ආකාරයට නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැහැ. ඒ වගේ තනතුරකට එන්න තව අද්දැකීම් ලබන්න ඕන. නාමල් රාජපක්ෂ තරුණයෙක්. ජනාධිපතිවෙන්න ඔහුට තව කල් තිබෙනවා. යම් හෙයකින් මේ ජනාධිපතිවරණයේදි අපේක්ෂකයා විදියට නාමල් රාජපක්ෂ දැම්මොත් මම ඔහුට උදවු කරන්නේ නැහැ. මම දේශපාලනයෙන් නිහඬ වෙනවා.
මේ වෙනකොට පක්ෂයේ සියයට 80ක් විතර ඉන්නේ ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපතිවරායට සහය දිය යුතුයි කියලා. දැනටමත් ජනාධිපතිවරණය හා අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවේ ප්‍රථිඵලය අනුව පක්ෂය නිවරදිම තීන්දුව ගනීවි. රනිල් වික්‍රමසිංහ ඒක්ක අපිට දේශපාලනිකව ප්‍රශ්න තිබුණා. ඔහුව 27 වරක් පැරැද්දුවේ අපේ දේශපාලන කඳවුර. නමුත් අභියෝගාත්මක වෙලාවේ ඔහු ඉදිරියට ඇවිල්ලා වැඩ පෙන්නුවා. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස වගේ අය තමන්ගේ දේශපාලන මතය ජනප්‍රිය කරගන්න කයිවාරු ගහපු එක විතරයි කළේ.
අනුර කුමාර චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක්. ඔහු වැව් හදන්න ගිහිල්ල ඒ වැඩේ අනාගත්තා. 88/89 මිනී මරපු ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජනබලවේඟය නමින් ඉන්නවා. ඒ ඇයි? ජනතා විමුක්ති පෙරමුණ නමින් ගමනක් යන්න බැරි නිසා. එයාල මහින්දට උදවු කළා, චන්ද්‍රිකාට උදවු කළා. ඔවුන් වැඩ කරලා රිසාල්ට් පෙන්නපු තැනක් කියන්න. එයා මේ දේශපාලන සිස්ටම් එක ඇතුලේ ෆේල් වෙච්ච කෙනෙක්."
ප්‍රදීප් අනුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
