මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයට මුලපුරනවා - මිහින්තලේ හිමියෝ පවසති
නිදහස ලැබීමෙන් පසුව මෙරට සියලු ජන කොටස් පීඩාවට පත් කරනු ලැබුවේ මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය බවත් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බවත් එබැවින් එම ජනතාව වෙනුවෙන් ශිෂ්ටාචාරය හා විනය ආරම්භ වූ ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයට මුලපුරන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (28 දා) මිහින්තලා රජමහා විහාරයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
නිදහස් අරගලය වෙනුවෙන් පවත්වනු ලබන සමුළුවට පෙර ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා බවත්, එළැඹෙන ඔක්තෝබර් මාසයේ 14 වැනිදා සවස 2.00 ට සිව් කොණේ සිටින භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හා ආගම් භේදයකින් තොරව සියලුම ගිහි පිරිසගේ සහභාගිත්වයෙන් එම සමුළුව ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.
රටේ ක්‍රියාත්මක වන විනයක් නොමැති අසංවර දේශපාලනය අවසන් කිරීමට සියලුම දෙනාටම ඒකරාශී වන ලෙස ඉල්ලීමක් කර සිටින බව ද ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවසූහ.
ඔක්තෝබර් මාසයේදී මහා සඟ සමුළුවක් පවත්වා රටට අවැසි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ නායකත්වයෙන් කටයුතු කරන බව මෙහිදී සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
සමාජ මාධ්‍ය වාරණ පනත වැනි විවිධ පනත් ගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්න වසං කිරීමට කටයුතු කරන බවත් ඒ වැඩ පිළිවෙළවල් වහා හකුලා ගත යුතු බව පැවසූ උන්වහන්සේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ යෙදවීම වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනුයේ උද්ඝෝෂණ හා මාධ්‍ය සාකච්ඡා වාරණය කිරීම පමණක් බවත් ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව මෙරට ස්වජාතික ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත වැඩ පිළිවෙළක් ඔක්තෝබර් මාසේ දී ඓතිහාසික මිහින්තලා පුද බිම මැද මළුවේ දී ජාතියට ප්‍රකාශ කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.
අදාළ සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (28 දා) පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්ද සාගර, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන, ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසන රතන යන හිමිවරු ද අදහස් පළ කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..