අපේ සොල්දාදුවන් රුසියානු යුක්‍රේන යුද්දෙට ගිහින් මැරෙන එකට ඇවන්ගාට් විනාශකළ ජවිපෙ වගකිව යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
රුසියානු යුක්‍රේන් යුද්ධයට ගොස් කුලී හේවායින් ලෙස ජීවිතය අහිමිකර ගන්නා ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ එහි වගකීම යහපාලන රජය ප්‍රමුඛ ජවිපෙ, හෙළ උරුමය දැරිය යුතු බවයි.
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.
"හමුදාවෙන් විශ්‍රාම යන අයට එදා රක්නා ලංකා සමාගමෙන් සහ ඇවන්ගාට් සමාගමෙන් රැකියා අවස්ථා ලබාදී තිබුන. ව්ශේෂයෙන්ම ඇවන්ගාට් සමාගමෙන් ඔය කියන රුසියානු හා යුක්‍රේන කුලී හේවායන්ට ලැබෙන වැටුපක් හා සමාන වැටුපක් එදා, 2015 ට පෙර ලබාදී තිබුන. යහපාලන රජයෙන් එම අවස්ථාව නැතිකළා. විශේෂයෙන්ම, ඇවන්ගාට් සමාගමට විරුද්ධව ජවිපෙ විශාල මඩ ව්‍යාපාරයක් ගෙනගියා. ඇවන්ගාට් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා වරක් ප්‍රකාෂ කරා ජවිපෙ ගෙනගිය මැක්සිකන් කාටල් ක්‍රමයේ කප්පම් ගැනීමේ ක්‍රියාවලියට ඇවන්ගාට් එකඟ නොවූ බැවින් ජවිපෙ ඇවන්ගාට් ව්‍යාපෘති විනාශ කළා කියල.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එදා යහපාලන රජය, විවිධ පුවත් මවමින් නැවතත් බලයට එන්න දඟලන යහපාලන රජයේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇස් ගසා සඥාකර යහපාලන රජය ඇටවීමට කපුකම් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අභාවප්‍රාප්ත මංගල සමරවීර, හෙළ උරුමයේ පා.ච. රණවක, අතුරලියේ රතන හිමි, ජවිපෙ අනුර කුමාර දිසානායක ඇතුලු යහපාලන රජය ගෙන ඒමට, පවත්වා ගැනීමට කැපවූ සියල්ලම මේ අපරාදේ කුලී හේවායින් ලෙස මියැදෙන අපේ රණවිරුවන්ගේ මරණ වලට වගකිව යුතුයි.
මෙහි ඇති තවත් විරෝධාභාසයක් වන්නේ විශ්‍රාමික රණවිරුවන් යැයි හඳුන්වා ගන්නා කිහිප දෙනෙක්ම තමුන්ට වල කැපූ පක්ෂ සමග කටයුතු කිරීමට මූලිකවී තිබීමයි. ඔවුන් නොදන්නව ඇති යහපාලන රජයේ සම අනුග්‍රහයෙන් 2015 දී ජිනීවාහිදී ඔවුන්ව යුද අපරාධකරුවන් ලෙසට හංවඩු ගැසුව බවට. ඔවුන්වත් එක්තරා ආකාරයේ "එන්ගේජ්" කර ගැනීමකට හසුවී ඇති බවයි පෙනෙන්නෙ. එයත් 2010 නෝර්වේ ව්‍යාපෘතියේ දිගුවක් විය හැකියි.
ෙකුලී හේවායින්ට යුද බිමේ අත්වෙන ඉරණම පිළිබඳව දැන දැනත් ඔවුන්ව ඒ සඳහා පොළඹවන ආයතන මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරු සහ දරුවන්ද මේ අභාග්‍ය සම්පන්න මරණ වලට වගකිව යුතුයි".
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්