
අපේ සොල්දාදුවන් රුසියානු යුක්‍රේන යුද්දෙට ගිහින් මැරෙන එකට ඇවන්ගාට් විනාශකළ ජවිපෙ වගකිව යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
රුසියානු යුක්‍රේන් යුද්ධයට ගොස් කුලී හේවායින් ලෙස ජීවිතය අහිමිකර ගන්නා ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ එහි වගකීම යහපාලන රජය ප්‍රමුඛ ජවිපෙ, හෙළ උරුමය දැරිය යුතු බවයි.
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.
"හමුදාවෙන් විශ්‍රාම යන අයට එදා රක්නා ලංකා සමාගමෙන් සහ ඇවන්ගාට් සමාගමෙන් රැකියා අවස්ථා ලබාදී තිබුන. ව්ශේෂයෙන්ම ඇවන්ගාට් සමාගමෙන් ඔය කියන රුසියානු හා යුක්‍රේන කුලී හේවායන්ට ලැබෙන වැටුපක් හා සමාන වැටුපක් එදා, 2015 ට පෙර ලබාදී තිබුන. යහපාලන රජයෙන් එම අවස්ථාව නැතිකළා. විශේෂයෙන්ම, ඇවන්ගාට් සමාගමට විරුද්ධව ජවිපෙ විශාල මඩ ව්‍යාපාරයක් ගෙනගියා. ඇවන්ගාට් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා වරක් ප්‍රකාෂ කරා ජවිපෙ ගෙනගිය මැක්සිකන් කාටල් ක්‍රමයේ කප්පම් ගැනීමේ ක්‍රියාවලියට ඇවන්ගාට් එකඟ නොවූ බැවින් ජවිපෙ ඇවන්ගාට් ව්‍යාපෘති විනාශ කළා කියල.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එදා යහපාලන රජය, විවිධ පුවත් මවමින් නැවතත් බලයට එන්න දඟලන යහපාලන රජයේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇස් ගසා සඥාකර යහපාලන රජය ඇටවීමට කපුකම් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අභාවප්‍රාප්ත මංගල සමරවීර, හෙළ උරුමයේ පා.ච. රණවක, අතුරලියේ රතන හිමි, ජවිපෙ අනුර කුමාර දිසානායක ඇතුලු යහපාලන රජය ගෙන ඒමට, පවත්වා ගැනීමට කැපවූ සියල්ලම මේ අපරාදේ කුලී හේවායින් ලෙස මියැදෙන අපේ රණවිරුවන්ගේ මරණ වලට වගකිව යුතුයි.
මෙහි ඇති තවත් විරෝධාභාසයක් වන්නේ විශ්‍රාමික රණවිරුවන් යැයි හඳුන්වා ගන්නා කිහිප දෙනෙක්ම තමුන්ට වල කැපූ පක්ෂ සමග කටයුතු කිරීමට මූලිකවී තිබීමයි. ඔවුන් නොදන්නව ඇති යහපාලන රජයේ සම අනුග්‍රහයෙන් 2015 දී ජිනීවාහිදී ඔවුන්ව යුද අපරාධකරුවන් ලෙසට හංවඩු ගැසුව බවට. ඔවුන්වත් එක්තරා ආකාරයේ "එන්ගේජ්" කර ගැනීමකට හසුවී ඇති බවයි පෙනෙන්නෙ. එයත් 2010 නෝර්වේ ව්‍යාපෘතියේ දිගුවක් විය හැකියි.
ෙකුලී හේවායින්ට යුද බිමේ අත්වෙන ඉරණම පිළිබඳව දැන දැනත් ඔවුන්ව ඒ සඳහා පොළඹවන ආයතන මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරු සහ දරුවන්ද මේ අභාග්‍ය සම්පන්න මරණ වලට වගකිව යුතුයි".
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
