
බුදුන් ලංකාවේ ඉපදුණු කතාව කුමන්ත්‍රණයක් - අස්ගිරි මහ නා හිමියෝ කියති
කලෙක සිට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කළ බුදු දහම විනාශ කිරීමේ ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ කල වර්තමානයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා උපයෝගී කර ගනිමින් බුදුන්ටත් භික්ෂුන් වහන්සේටත් අපහාස කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යැයි වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියෝ පසුගිය දා පැවසූහ.
බුද්ධ චරිතය හා සම්බන්ධ ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක තොරතුරු විකෘති කර උන්වහන්සේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ උපත ලැබූ බව කියන්නට සිවුරු ලාගත් ඇතැම් පුද්ගලයන් උත්සාහ කරන බවත් මොවුන් මේ ආකාර ප්‍රකාශ කරන්නේ බාහිර පාර්ශ්වවල අවශ්‍යතා ඉටුකරන්නට ද යන සැකය මතුවන බවත් මහ නාහිමියෝ පැවසූහ.
පොල්ගොල්ල සාලවන විහාරස්ථානයේදී පසුගිය 29දා පැවති උත්සවයකදී අස්ගිරි මහ නාහිමියෝ මෙසේ ද කීහ.
“පසුගිය කාලයේ නොයෙක් වෙස් ගත් පුද්ගලයන් තමන් බුදු වුණා, සෝවාන් වුණා, මාර්ගඵල ලැබුවා. තමන් බෝධිසත්වයන් වැනි මුසා අදහස් පළ කරමින් බෞද්ධ ජනතාව නොමග යවමින් බෞද්ධ හර පද්ධතියට පහර ගැසීමට උත්සාහ කළා. ඇතැම් පුද්ගලයන් මේ මිථ්‍යා දෘෂ්ටිකයන්ට මුළා වුණා. එම පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම පිළිබඳව ජනපති ප්‍රමුඛ රජයට ස්තූතිය පුද කරනවා.
යම් යම් බාහිර බලවේග මෙරට බෞද්ධ ජනතාව හා භික්ෂුන් වහන්සේ අතර පවත්නා සම්බන්ධතාව බිඳ දැමීමට නොයෙක් ආකාරයේ කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා.”
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
