
කච්චතිව් දූපත ලංකාවට අයිතිවීම ගැන මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෙහි කපයි
හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල එල්ලකර ඇති බව වාර්තා වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත 1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට අනාවරණය වීම මත මෝදි මහතා මෙලෙස කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.
කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බවත් ඉන්දියාවේ පැරණි පක්ෂයක් වූ කොංග්‍රස් පක්ෂය රටේ එකමුතුකම සහ අඛණ්ඩතාව දුර්වල කර ඇති බවත් මෝදි මහතා මෙහිදී පවසා ඇත.
ඉන්දිරා ගාන්ධි මහත්මිය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බවත් කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩ නැගී ඇති බවත් නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
