News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා රාජ්‍ය මෙතෙක් බිඳ වැට්ටවීමට නොහැකි වූයේ මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව නිසයි.... සංඝ සමාජය බිඳදමා රට අත්පත්කර ගැනීමේ සූක්ෂම මෙහෙයුම වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙලිකරයි

Mar 31, 2024 at 06:41 AM
|

2005 දී නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ ඊනියා සාම ක්‍රියාවලිය මගින් බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබා දී පසුව වෙනම රාජ්‍යයක් ලබාදීමේ ක්‍රියාවලිය අසාර්ථක වීමට ප්‍රධානතම හේතුවක් වූයේ පූජ්‍ය කොටපොල අමරකීර්ති නායක හිමි වැනි නායක හිමිවරුන්ගේ භූමිකාව නිසා බව මෙම ක්‍රියාවලිය මෙහෙයවූ පුද්ගලයන් පවසා ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශාන්ති පදනම මගින් පැවැත් වූ 45 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමිනි.

නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රි කළ්‍යානිවංශ පාර්ශවයේ අනුනායක කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිච්ච මල් පූජාවේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමිපානන් ඇතුළු ස්වාමීන් වහන්සේලා  පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දියාව ඇතුළු විවිධ ආක්‍රමණිකයන් 17 වතාවක් මේ රට ආක්‍රමණය කළ ද මේ පුංචි රට ඔවුන්ට යටත්කර තබාගත නොහැකි වූ  රහස වන්නේ මෙරට මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව බවත්, ඔවුන් ඒ පිළිබඳව එදා සිට අද දක්වාම වටහාගෙන සිටින බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

මෙරට සුවිශේෂී ඓතිහාසික ග්‍රන්ථයක් වන මහා වංශය ලිවීම මහානාම හිමියන් විසින් ආරම්භ කරන්නේ දේශයේ ජනයා අවධිකරලීම සඳහා දුටුගැමුණු රජුගේ කතාව ලිවීමෙන්      බවත්, මහා වංශය ලියැවෙන්නේ හුදු ඉතිහාස කතාවක් ලිවීම සඳහා නොවන බවත් ඒ මහතා පවසයි.

මෙසේ ඓතිහාසික භූමිකාවක් නොතිබූ සුඩානයට සහ එසේ ඓතිහාසික භූමිකාවක් තිබූ ලංකාවට අධිරාජ්‍යවාදීන් විසින් ලබාදුන් සැලසුම එකක් බවද, සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම, ජාත්‍යන්තර මැදිහත් වීමෙන් තාවකාලික ආණ්ඩුවක් බෙදුම්වාදීන්ට ලබාදීම හා පසුව තාවකාලික ආණ්ඩුව වෙනම රාජ්‍යයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය යන මෙම සැලසුම ලංකාවේ ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වුවද සුඩානයේ අද එය ක්‍රියාත්මක කර වෙනම රාජ්‍යයක් ලබාදී යුදගැටුම් හේතුවෙන් ජනතාව දැඩි අසරණ තැනකට තල්ලුකර ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතා හරහා අපේ රටේ නලලේ ද කොටු තිබූ ඉරණම එය වූවද, එදා මෙරට නායක ස්වාමීන්වහන්සේලාගේ භූමිකාව විසින් එම ඉරණම වෙනස් කළ බවද පවසන වසන්ත බණ්ඩාර මහතා, කෙසේ වෙතත් රට තුළ අද නිර්මාණය කර තිබෙන ආර්ථික අර්බුදය මැද දේශපාලන අර්බුදයක් ද පැහැදිලිව දැකගත හැකි බවත්, මහජනයා මානසිකව වැටී ඇති මෙම පසුබිම තුළ වසර 2500ක් තුළ මේ රටේ කරගැනීමට බැරිවූ දේ කරගැනීමට ජාත්‍යන්තර බලවේගවලට මනරම් අවස්ථාවක් නිර්මාණය වී ඇති බවත් සඳහන් කරයි.

ඉන්දියාව ඇතුළු ලෝකයේ අධිරාජ්‍යවාදී බලවතුන් මේ රට තමන්ගේ වහල් භූමියක් බවට පත්කර ගැනීමට උත්සාහ දරන්නේ කාරණා 2ක් නිසා බව වෛද්‍ය වස්නත බණ්ඩාර මහතා පවසයි.

ඉන් එකක් අධිරාජ්‍යවාදීන්ගේ මජර අධිපරිභෝජනවාදී ආර්ථික පිළිවෙතට එරෙහිව ඇති ප්‍රබලම තර්ජනය ථෙරවාද බුදුදහම බව පවසන ඒ මහතා, මාක්ස්වාදයට හා සමාජවාදයට වඩා ථෙරවාද බුදුදහම ඔවුන්ට දැඩි ප්‍රශ්නයක් බවද, එය අවසන් කිරීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරන බවද පෙන්වා දෙයි.

අනෙක් කාරණය වන්නේ ඔවුන්ගේ යුධමය සිතියමේ ශ්‍රී ලංකාව විශාල වැදගත් කමක් සහිතව සටහන් කර තිබීම නිසා බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ලෝකයේ ප්‍රධාන නාවික ගමන් මාර්ගයේ බවත්, ලෝකයේ තෙල් සහ භාණ්ඩ 80%ක් ප්‍රවාහනය කිරීම සිදුවන්නේ මෙම පුංචි දිවයින වටා ගොස් බව ද ඒ මහතා පෙන්වා දෙයි. ඉන්දියාවේ විදේශ වෙළඳාමෙන් 40%ක් යැපෙන්නේ ද මෙම නාවික ගමන් මාර්ගය මත බවද, ඔවුන්ට විශාල භූමියක් හිමි වී තිබුනද ජාත්‍යන්තර නාවික මාර්ගයට කිට්ටුවිය නොහැකි නිසා ලංකාවේ කොළඹ වරාය හරහා 75%ක් පමණ භාණ්ඩ ඉන්දියාවට යැවීම සිදුවන බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අපේ රටට ගොඩබිමේ භූමි ප්‍රමාණය මෙන් 8 ගුණයක සාගරයක් අයිතිවී ඇති බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, වර්ග කිලෝමීටර් ලක්ෂ 20ක අහසක් හා විශාල මත්ස්‍ය සම්පතක් ද අයත් වුවද ඉන්දියාවට ඊට අඩු ප්‍රමාණයක් අයත් වූවද ඔවුන් එයින් උපරිම ඵලය ලබාගැනීමට උත්සාහ දරන බවද සඳහන් කරයි.

තවත් වසර කිහිපයකට පසු තායිලන්තයේ 'ක්‍රා' නමින් විශාල ඇල මාර්ගයක් කැපෙන බවත්, ඉන්පසු මෙම මුහුදු මාර්ගය නාවික සැතපුම් 1800කින් අඩුවන බවත් ඒ මහතා පවසන අතර, තමන්ගේ වරාය නිසා ගොඩගිය සංගප්පූරුවේ වරායට ඉන්පසු සියලු වටිනාකම් අහිමිවී ලෝකයේ ඇති බලවත්ම වරාය බවට හම්බන්තොට වරාය  පත්වන බවද පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත අමෙරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ට අද අවශ්‍යව ඇත්තේ ලංකාවට පය තබාගැනීමට බව හෙළිකරන ඒ මහතා, සෘජු ආක්‍රමණවලින් එය කළ නොහැකි බව දන්නා ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කර එය බිඳ වට්ටවා, සමාජය බිඳ වැට්ටවීමේ න්‍යාය මේ සඳහා උපයෝගී කරගන්නා බව පෙන්වා දෙයි.

විවිධ අන්තවාදී ආගමික සංවිධානවල පුද්ගලයන් ආණ්ඩුවේ විවිධ තැන්වලට ලේකම්වරුන් ලෙසින් පත්කරන්නේ ද මේ නිසා බවත්, මෙරට පෞද්ගලික ප්‍රධාන සමාගම් 250ක එලෙස ආගමික සංවිධානවලට අයත් නිලධාරීන් කටයුතු කරන බවත් වසන්ත බණ්ඩාර මහතා හෙලිකරයි.

USAID නමැති අමෙරිකානු සංවිධානය අද මෙරට නීතිඥ සංගමය තුළටද රිංගා ඇති බව හෙළිකරන ඒ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ සුළු අපදාවන්ට පවා එම සංවිධානයෙන් මුදල් ලබා දෙන බවද හෙලිකරයි.

එනිසාම ඔවුන්ට අවශ්‍ය නඩු දැමීම මෙන්ම, ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ද එම සංවිධානය දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැට්ටවීම සඳහා ලෝක බලවතුන් විසින් න්‍යායවල් 3ක් භාවිතා කරන බව හෙළිකරන වසන්ත බණ්ඩාර මහතා, ඉන් එකක් වන්නේ මතවාදීව බිඳ වැට්ටවීම බවත් ඒ හරහා මෙරට සම්ප්‍රධායන්, විශ්වාසයන් මෙන්ම දාර්ශනික පදනම ද බිඳ දැමීමට කටයුතු කරන බව සඳහන් කරයි.

උදාහරණයක් ලෙස මීවනපලානේ නමින් පෙනීසිටින සිරිසේන හපුතන්ත්‍රී නමැති පුද්ගලයා මෙරට ජනයා මතවාදී ලෙස බිඳවැට්ටවීම සඳහා කොන්ත්‍රාත්තුවක් භාරගෙන ඒ අනුව කටයුතු කරමින් සිටින බවද, කෘෂිකර්ම අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන නිලධාරියෙකු ලෙස කලක් රාජකාරි කළ ඔහු අමෙරිකාව විසින් මෙරටට ණයට දුන් තිරිඟු පිටි ව්‍යාපෘතියක කටයුතු කළ බවද, රුපියල් වලින් ගෙවන එම ණය ගිණුමකට ගොස් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට සහ විද්වතුන්ගේ මොළ සේදීමේ ව්‍යාපෘතිවලට යොදාගන්නා ලද බවද වසන්ත බණ්ඩාර මහතා හෙලිකරයි.

සිරිසේන හපුතන්ත්‍රී නමැති මෙම පුද්ගලයා සංඛ්‍යා ලේඛන පොතක් ලියා රටේ ආහාර සුරක්ෂිතතාව බිඳවට්ටවා, කෘෂිකර්මාන්තය විනාශ කර, මෙරට ජනයා තිරිඟු පිටි ගිලදමන ජාතියක් බවට පත්කිරීමට සූක්ෂමව කටයුතු කළ බවත්, ඔහු 60 වතාවක් අමෙරිකාවට ගොස් පැමිණි බව හා පසුව විශ්‍රාම ගොස් මහණ වී ලංකාව බුදුන් වහන්සේ උපන් දේශය බව ප්‍රකාශකරමින් අනුගාමිකයන් එකතුකර අධිරාජ්‍යවාදීන්ගේ අලුත් කොන්ත්‍රාත්තුවකට අත ගැසූ බවත් ඒ මහතා හෙළිකරයි.

මහා වංශය හා ත්‍රිපිටකයට පහර ගසමින් ඔහු ක්‍රියාකරමින් සිටින බවද, අරියමග්ග නමින් හැදින්වෙන තවත් චීවරදාරියකු ද මෙබඳුම විනාශයක් සිදුකරමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙම සභ්‍යත්ව රාජ්‍යය බිඳ වැට්ටවීම සඳහා ක්‍රියාත්මක වන අනෙක් න්‍යාය වන්නේ සමාජ සංස්ථාව බිඳවැට්ටවීමේ ක්‍රියාවලිය බවත් මෙම සමාජය රඳාපවතින්නේ ප්‍රධාන සංස්ථා 3ක් මත බවත් ඒ මහතා පවසයි.

සංඝ සමාජය, පවුල සහ පුද්ගලයා යන මෙම සංස්ථා බිඳදැමීම සදහා ඉතා සූක්ෂම ලෙස කටයුතු සිදුවෙමින් පවතින බවද, සමාජයේ ප්‍රචණ්ඩත්වය වැපිරවීම සඳහා පුද්ගලයන් පුහුණුකරමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා සදහන් කරයි.

සංඝ සමාජය බිඳ දැමීම සඳහා රට තුළින් හා අන්තර්ජාතිකව දැවැන්ත මෙහෙයුම්ක් දියත් වන බවත් හෙලිකරන ඒ මහතා, පවුල බිඳවැට්ටවීම සඳහා විවිධ අණපනත් ගෙන එමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ද ක්‍රියාකරමින් සිටින බවත්  පෙන්වා දෙයි.

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.