ලෝකයේ ඉතිරි වන්නේ බුදුදහම පමණක් යන ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය සැබෑවක් වෙමින් පවතින නිසාම බුදු දහම විනාශ කිරීමේ මහා ව්‍යාපාරයක් මෙරට තුළ ක්‍රියාත්මකයි - ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකීර්ති හිමි
නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රි කළ්‍යානිවංශ පාර්ශවයේ අනුනායක කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිච්ච මල් පූජාවේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමිපානන් ශාන්ති පදනමේ 45 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් පවසා සිටියේ ආතර් සී ක්ලාක් මහතා ප්‍රකාශ කළ අනාගතයේදී ඉතිරි වන්නේ බුදු දහම පමණක්ය යන අනාවැකිය සනාථ වීමට ඇත්තේ තවත් වසර 24ක් පමණක් බවයි.
එසේ වුවද වසර 2500ක් තිස්සේ ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කළ අපේ සම්බුද්ධ ශාසනය විනාශ කරලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පෙන්වා දුන්හ.
මේ වන විට විවිධ වෙස් ගත් භික්ෂුන් වහන්සේලා නමින් පෙනී සිටින විවිධ පුද්ගලයන් සක්‍රිය වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා රජයේ බලය කේන්ද්‍රගතව ඇත්තේ ගමේ පන්සල ආශ්‍රිතව බැවින් ගමේ පන්සලේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම බෞද්ධායාගේ අද දවසේ වගකීම බවද උන් වහන්සේ අවධාරණය කළහ.
විවිධ වෙස් ගත් භික්ෂු ශාසනය විනාශ කරලීමට මූලිකවී සිටින මෙම කල්ලි කණ්ඩායම් මූලිකවම අපේ බෞද්ධයාගේ අවධානය දිනාගෙන භික්ෂූන්ට නොගැලපෙන තරම් අපචාරී ක්‍රියාවල යෙදෙමින් පොදුවේ භික්ෂූන් වහන්සේලා අපකීර්තියට පත් කර බෞද්ධයා තුළ බෞද්ධ භික්ෂුව කෙරෙහි අප්‍රසාදය වැඩෙන පරිදි ක්‍රියා කිරීම එම කුමන්ත්‍රණකාරී පිරිස් වල අරමුණ බවද උන්වහන්සේලා පෙන්වා දුන්හ.
ඒ අනුව ගිහි පැවිදි දෙපාර්ශවයම මෙම තත්වය වටහාගෙන එළැඹි සිහියෙන් යුතුව අප ඉදිරියේ තිබෙන අභියෝගය ජය ගැනීමට කටයුතු නොකළහොත් සම්බුද්ධ ශාසනයත් අපේ මව්බිමත් අපට අහිමි වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
එම අවස්ථාවේ ඡායාරූප පහළින්...



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්