
ලෝකයේ ඉතිරි වන්නේ බුදුදහම පමණක් යන ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය සැබෑවක් වෙමින් පවතින නිසාම බුදු දහම විනාශ කිරීමේ මහා ව්‍යාපාරයක් මෙරට තුළ ක්‍රියාත්මකයි - ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකීර්ති හිමි
නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රි කළ්‍යානිවංශ පාර්ශවයේ අනුනායක කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිච්ච මල් පූජාවේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමිපානන් ශාන්ති පදනමේ 45 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් පවසා සිටියේ ආතර් සී ක්ලාක් මහතා ප්‍රකාශ කළ අනාගතයේදී ඉතිරි වන්නේ බුදු දහම පමණක්ය යන අනාවැකිය සනාථ වීමට ඇත්තේ තවත් වසර 24ක් පමණක් බවයි.
එසේ වුවද වසර 2500ක් තිස්සේ ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කළ අපේ සම්බුද්ධ ශාසනය විනාශ කරලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පෙන්වා දුන්හ.
මේ වන විට විවිධ වෙස් ගත් භික්ෂුන් වහන්සේලා නමින් පෙනී සිටින විවිධ පුද්ගලයන් සක්‍රිය වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා රජයේ බලය කේන්ද්‍රගතව ඇත්තේ ගමේ පන්සල ආශ්‍රිතව බැවින් ගමේ පන්සලේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම බෞද්ධායාගේ අද දවසේ වගකීම බවද උන් වහන්සේ අවධාරණය කළහ.
විවිධ වෙස් ගත් භික්ෂු ශාසනය විනාශ කරලීමට මූලිකවී සිටින මෙම කල්ලි කණ්ඩායම් මූලිකවම අපේ බෞද්ධයාගේ අවධානය දිනාගෙන භික්ෂූන්ට නොගැලපෙන තරම් අපචාරී ක්‍රියාවල යෙදෙමින් පොදුවේ භික්ෂූන් වහන්සේලා අපකීර්තියට පත් කර බෞද්ධයා තුළ බෞද්ධ භික්ෂුව කෙරෙහි අප්‍රසාදය වැඩෙන පරිදි ක්‍රියා කිරීම එම කුමන්ත්‍රණකාරී පිරිස් වල අරමුණ බවද උන්වහන්සේලා පෙන්වා දුන්හ.
ඒ අනුව ගිහි පැවිදි දෙපාර්ශවයම මෙම තත්වය වටහාගෙන එළැඹි සිහියෙන් යුතුව අප ඉදිරියේ තිබෙන අභියෝගය ජය ගැනීමට කටයුතු නොකළහොත් සම්බුද්ධ ශාසනයත් අපේ මව්බිමත් අපට අහිමි වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
එම අවස්ථාවේ ඡායාරූප පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
