
කැනඩාවේ දී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට ගිය අනුරට දෙමළ සිවිල් සංවිධානවල විරෝධය... අනුරගේ අතින් අල්ලාගෙන සම්බන්ධන් කියූ කතාව ගැන අරුන් සිද්දාර්ඨන් රිදෙන්නම කියා දෙයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අතින් අල්ලාගෙන තමන් ලංකාවේ දෙවැනි පුරවැසියෙක් ලෙස ලෝකෙට ප්‍රකාශ කිරීමට අකමැති බව වරක් පැවසූ බව අනුර කුමාර දිසානායක මහතා සිය කැනඩා සංචාරයේ දී පැවසූ කතාව පිළිබඳව උතුරේ සිවිල් සංවිධානවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
අනුර කුමාර දිසානායක මහතා එහිදී පවසන්නේ 13 වැනි සංශෝධනය මගින් ලබාදී තිබෙන පළාත් සභා දැන් උතුරු හා නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකමක් බවට පත්වී ඇති බව පිළිගන්නා බවත්, එය ඔවුන් විසින් දිනාගන්නා ලද දෙයක් නිසා එහි ඇති යම් යම් ගැටලු නිරාකරණය කර ඔවුන්ගේ අයිතිවාසිකමක් ලෙස තහවුරු කළ යුතු බවත්, එය ආරක්ෂා කළ යුතු බවත් ය.
කැනඩාවේ දී මාලිමාවේ නායකයා විසින් සිදුකළ මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසන්නේ සම්බන්ධන් මහතා අනුර කුමාර මහතාගේ අතින් අල්ලාගෙන සිදුකළ කතාවේදී උතුරු පළාතට දේසවලාවේ නීතියක් දමා කුලය අනුව උතුරේ ජනයා වහලුන් බවට පත්කළ හැටි ඔහු විසින් අනුර දිසානායකට නොකියා සිටියේ ඇයිද යන්නය.
උතුරේ සිවිල් විසියන් වහලුන් බවට පත්කළ නායකයන්ගේ දේශපාලන අයිතිවාසිකම් ගැන කැනඩාවේදී අනුර කුමාර දිසානායක පෙනීසිටීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී දැඩි විවේඡනයක් එල්ල කර තිබේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ දී සිදුකළ එබඳු ප්‍රකාශ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ උවමනාවෙන් සිදු කළ ප්‍රකාශ බව පැහැදිලි වන බවයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැයෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
