යුදෙව් සංහාරයට එක් වුණු අමානුෂික ඝාතකයකු යුද වීරයකු කිරීම ගැන කැනඩා අගමැති ටෲඩෝ සමාව ඉල්ලයි
රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වූ යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් ද සමාව ඉල්ලා තිබේ.
මීට සතියකට කීපයකට පෙර, කැනඩාවට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී, කැනඩා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ අතර, කැනඩාව යුක්රේනයට සහාය ලබා දීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කැනඩා පාර්ලිමේන්තුවටත්, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝටත් එහිදී ස්තුති කළේය.
දෙවැනි ලෝක යුද්ධයේ දී රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පාර්ලිමේන්තුවට පෙන්වා දෙමින්, 98 හැවිරිදි යර්ලොස්ලේව් හුන්කා නමැත්තා පාර්ලිමේන්තුවට කැඳවා තිබුණේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතා නායක ඇන්තනි රෝටා ය.
යුක්රේන රණ විරුවකු යැයි හුන්කා ගැන ගුණ කථනයක් ද සිදුවුණු අතර, කතා නායකවරයා, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ඇතුළු සෙසු මැති ඇමැතිවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ සිටි යුක්රේන ජනාධිපතිවරයා ද අසුන්වලින් නැගිට හුන්කා ට ගෞරව දැක්වන්න විය.
කෙසේ නමුත් එම සිද්ධියෙන් දින කීපයක් යද්දී අනාවණය වූයේ යර්ලොස්ලේව් හුන්කා, ස්වේච්ඡාවෙන්, හිට්ලර්ගේ නාසි හමුදාවේ ‘14 වැනි වොෆන් එස්.එස්. ග්‍රෙනදියේ’ බලඇණියට සම්බන්ධ වී සිටි වාර්ගින යුක්රේන වැසියකු බවය.
‘14 වැනි වොෆන් එස්.එස්. ග්‍රෙනදියේ’ බලඇණිය බලඇණිය ක්‍රියාත්මක වී ඇත්තේ නාසි හමුදාවේ අණ දෙන නිලධාරියකු යටතේය. යුදෙව්වන් සමූල ඝාතනය කළේත්, පෝලන්ත වැසියන් අමු අමුවේ ඝාතනය කළේත් මෙම බලඇණියයි. එසේ වුවත් මෙම බලඇණිය යුද අපරාධ කළේ යැයි චෝදනා ලැබ නැත. ඒ අනුව, හුන්කා, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු යුක්රේන රණ විරුවකු නොවන බව ඒ අනුව තහවුරු විය. කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායක ඇන්තනි රෝටා, හුන්කා පාර්ලිමේන්තුවට ආරාධනා කර තිබුණේ මේ බව නොදැනය.
යර්ලොස්ලේව් හුන්කා සම්බන්ධයෙන් කැනඩා විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම ප්‍රශ්න කරමින් විරෝධය පළ කරද්දී, වරදක් සිදුවුණු බවත්, හරිහැටි සොයා බැලීමකින් තොරන තමන් හුන්කා පාර්ලිමේන්තුවට ආරාධනා කර ඔහුට ගරු බුහුමන් දැක්වීම වැරදි බවත් කතා නායක ඇන්තනි රෝටා පිළිගත්තේය. පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලු ඔහු කතා නායක ධුරයෙන් ඉවත් විය.
ඉන්පසු විපක්ෂයේ ඉලක්කය වූයේ කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝටය. කැනඩා පාර්ලිමේන්තුව, කැනඩා වැසියන් මුලා කළ බවත් යුදෙව් ඝාතනයකු වීරයකු කරමින් යුදෙව්වන්ට අපහාස කළ බවටත් අග්‍රාමාත්‍යවරයාට චෝදනා නැගෙන්න විය. අග්‍රාමාත්‍යවරයා වහා සමාව ඉල්ලීමක් කළ යුතු යැයි ද විපක්ෂය බල කරන්න විය.
ඒ අනුව, අග්‍රාමාත්‍ය ටෲඩෝ පළමුවෙන් පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලීමක් කළේය. ඒ තමන් අතින් බරපතල වරදක් සිදුවුණු බව පවසමිනි. ඉන්පසු ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ලොව යුදෙව් වැසියන්ගෙන් සමාව ඉල්ලුවේය.
දෙවැනි ලෝක යුද්ධයේ දී යුදෙව් සංහාරයට එක් වුණු අමානුෂික ඝාතකයකු යුද වීරයකු කිරීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත් වුණු බව ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය. කරුණු කාරණා හරිහැටි නොදැන යර්ලොස්ලේව් හුන්කා පාර්ලිමේන්තුවට කැඳවීම ලැජ්ජා සහගත යැයි අග්‍රාමාත්‍ය ටෲඩෝ කැනඩා වැසියන්ගෙන් සමාව ඉල්ලමින් පැවැසුවේය.
(ඒ.එෆ්.පී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..