රුසියානු වැසියන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහරායට වගකිව යුතු සියළු දෙනාට දඬුවම් කරනවා- රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින්

ක්‍රොකස් සිටි හෝල්හි සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් වෙත එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව පළමු වරට ජාතිය ඇමතූ පුටින් පවසා සිටියේ ම්ලේච්ඡ ප්‍රහාරයට වග කිව යුතු සියළු දෙනාට දැඩි දඬුවම් පමුණුවන බවයි. ප්‍රහාරයෙන් පසුව තුවාලකරුවන් බේරා ගැනීම මැදිහත් වූ සහන සේවකයන් ඇතුළු ප්‍රතිචාර දැක්වූ සියලු නිළධාරින්ට, නීතිය ක්‍රියාත්මක කරන අංශවල නිළධාරින්ට සහ ප්‍රහාරයට ගොදුරු වූවන්ට උපකාර කළ සාමාන්‍ය පුරවැසියන්ට පුටින් සිය කෘතඥතාව පළ කළේය. එලෙසම මෙවැනි ප්‍රහාර ඉදිරියේදී එල්ල වීම වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ත්‍රස්ථවාදීන් මෙවැනිම ප්‍රයත්නයන් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට උත්සහා ගනු ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
"මොස්කව් සහ මොස්කව් කලාපයේ මෙන්ම රටේ සෑම ප්‍රදේශයකම, ත්‍රස්ත-විරෝධී සහ කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ග වලක්වාලීමේ අතිරේක ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත," ඔහු නිවේදනය කළේය, "දැන් ඇති ප්‍රධාන කාර්යය නම් මෙම ලේ වැගිරීම පිටුපස සිටින අය නැවැත එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම වැලැක්වීමයි." යනුවෙන් 22 වනදා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටින සියලුම කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් කරන බවට සපථ කරමින් පුටින් සඳහන් කළේය. මේ වන විට වෙඩි තැබීමට සෘජුවම සහභාගී වූ අපරාධකරුවන් හතර දෙනෙකු ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු රඳවාගෙන ඇති බවද ඔහු අනාවරණය කළේය. ප්‍රහාරකයින් යුක්රේනය දෙසට පලා යමින් සිටියදී අල්ලා ගන්නා ලද බවත් මූලික දත්ත වලට අනුව, යුක්රේන පෙදෙසේ දේශසීමා තරණය කිරීමට කවුළුවක් සූදානම් කර තිබූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“මෙම අපරාධය පිටුපස සිටින සියලුම අපරාධකරුවන්, සංවිධායකයින් සහ මහ මොළකරුවන්ට සාධාරණ හා නොවැළැක්විය හැකි දඬුවම් ලැබෙනු ඇත.මම නැවත අවධාරණය කරනවා, රුසියාවට එල්ල කරන ලද මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන් වුවද, ඔවුන්ට මඟ පෙන්වන්නා කවුරුන් වුවද , රුසියානු ජනතාවට එරෙහිව එල්ල කළ ත්‍රස්තවාදීන් පිටුපස සිටින සියලු දෙනා හඳුනාගෙන දඬුවම් කරනවා.”ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මොස්කව් ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් ඇතැයි රුසියානු බළධාරිහු ඊයේ(23) ප්‍රකාශ කළේය. ප්‍රහාරකයින් විසින් ඇති කරන ලද දැවැන්ත ගින්නකින් අර්ධ වශයෙන් විනාශ වූ ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ හදිසි සේවා තවදුරටත් ක්‍රියාත්මක බව රුසියානු රජය ප්‍රකාශ කළේය.
ප්‍රසංග ශාලාවට සිදු කර ඇති විනාශයේ පරිමාණය අනුව මිය ගිය හ තුවාල ලැබූවන්ගේ අගය මීටත් වඩා ඉහළ යාහැකි බව වගකිවයුතු අංශ සැක පල කරති..
පසුගිය 22 වනදා සූදනම් කර තිබූ රොක් ප්‍රසංගය ආරම්භ කිරීමට මොහොතකට පෙර පෙර ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධව සිටි සැකකරුවන් අඩුම තරමින් හතර දෙනෙකුවත් එම ස්ථානයට කඩා වැදුණි. ප්‍රහාරකයින් ප්‍රසංග ශාලාවට ඇතුළු වූ සිවිල් වැසියන්ට වෙඩි තබා ශාලාව ගිනි තැබූහ.
ප්‍රහාරයෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගිය නමුත් රුසියානු නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් බ්‍රයන්ස්ක් ප්‍රදේශයේ දේශ සීමාව අසලදී ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදහ. මූලික සොයාගැනීම්වලට අනුව, ප්‍රහාරකයින් යුක්රේනයට පලා යාමට උත්සාහ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ