
රුසියානු වැසියන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහරායට වගකිව යුතු සියළු දෙනාට දඬුවම් කරනවා- රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින්
ක්‍රොකස් සිටි හෝල්හි සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් වෙත එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව පළමු වරට ජාතිය ඇමතූ පුටින් පවසා සිටියේ ම්ලේච්ඡ ප්‍රහාරයට වග කිව යුතු සියළු දෙනාට දැඩි දඬුවම් පමුණුවන බවයි. ප්‍රහාරයෙන් පසුව තුවාලකරුවන් බේරා ගැනීම මැදිහත් වූ සහන සේවකයන් ඇතුළු ප්‍රතිචාර දැක්වූ සියලු නිළධාරින්ට, නීතිය ක්‍රියාත්මක කරන අංශවල නිළධාරින්ට සහ ප්‍රහාරයට ගොදුරු වූවන්ට උපකාර කළ සාමාන්‍ය පුරවැසියන්ට පුටින් සිය කෘතඥතාව පළ කළේය. එලෙසම මෙවැනි ප්‍රහාර ඉදිරියේදී එල්ල වීම වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ත්‍රස්ථවාදීන් මෙවැනිම ප්‍රයත්නයන් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට උත්සහා ගනු ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
"මොස්කව් සහ මොස්කව් කලාපයේ මෙන්ම රටේ සෑම ප්‍රදේශයකම, ත්‍රස්ත-විරෝධී සහ කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ග වලක්වාලීමේ අතිරේක ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත," ඔහු නිවේදනය කළේය, "දැන් ඇති ප්‍රධාන කාර්යය නම් මෙම ලේ වැගිරීම පිටුපස සිටින අය නැවැත එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම වැලැක්වීමයි." යනුවෙන් 22 වනදා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටින සියලුම කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් කරන බවට සපථ කරමින් පුටින් සඳහන් කළේය. මේ වන විට වෙඩි තැබීමට සෘජුවම සහභාගී වූ අපරාධකරුවන් හතර දෙනෙකු ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු රඳවාගෙන ඇති බවද ඔහු අනාවරණය කළේය. ප්‍රහාරකයින් යුක්රේනය දෙසට පලා යමින් සිටියදී අල්ලා ගන්නා ලද බවත් මූලික දත්ත වලට අනුව, යුක්රේන පෙදෙසේ දේශසීමා තරණය කිරීමට කවුළුවක් සූදානම් කර තිබූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“මෙම අපරාධය පිටුපස සිටින සියලුම අපරාධකරුවන්, සංවිධායකයින් සහ මහ මොළකරුවන්ට සාධාරණ හා නොවැළැක්විය හැකි දඬුවම් ලැබෙනු ඇත.මම නැවත අවධාරණය කරනවා, රුසියාවට එල්ල කරන ලද මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන් වුවද, ඔවුන්ට මඟ පෙන්වන්නා කවුරුන් වුවද , රුසියානු ජනතාවට එරෙහිව එල්ල කළ ත්‍රස්තවාදීන් පිටුපස සිටින සියලු දෙනා හඳුනාගෙන දඬුවම් කරනවා.”ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර මොස්කව් ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් ඇතැයි රුසියානු බළධාරිහු ඊයේ(23) ප්‍රකාශ කළේය. ප්‍රහාරකයින් විසින් ඇති කරන ලද දැවැන්ත ගින්නකින් අර්ධ වශයෙන් විනාශ වූ ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ හදිසි සේවා තවදුරටත් ක්‍රියාත්මක බව රුසියානු රජය ප්‍රකාශ කළේය.
ප්‍රසංග ශාලාවට සිදු කර ඇති විනාශයේ පරිමාණය අනුව මිය ගිය හ තුවාල ලැබූවන්ගේ අගය මීටත් වඩා ඉහළ යාහැකි බව වගකිවයුතු අංශ සැක පල කරති..
පසුගිය 22 වනදා සූදනම් කර තිබූ රොක් ප්‍රසංගය ආරම්භ කිරීමට මොහොතකට පෙර පෙර ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධව සිටි සැකකරුවන් අඩුම තරමින් හතර දෙනෙකුවත් එම ස්ථානයට කඩා වැදුණි. ප්‍රහාරකයින් ප්‍රසංග ශාලාවට ඇතුළු වූ සිවිල් වැසියන්ට වෙඩි තබා ශාලාව ගිනි තැබූහ.
ප්‍රහාරයෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගිය නමුත් රුසියානු නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් බ්‍රයන්ස්ක් ප්‍රදේශයේ දේශ සීමාව අසලදී ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදහ. මූලික සොයාගැනීම්වලට අනුව, ප්‍රහාරකයින් යුක්රේනයට පලා යාමට උත්සාහ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
