
උත්තර ලංකා" "ජන පෙළගැස්ම" ඇරඹේ!
"77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!" යන තේමාව යටතේ "ජන පෙළගැස්ම" නමින් විශේෂ ජන සමුළුවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබූ අතර එම විශේෂ ජන සමුළුව මාර්තු 23 වැනිදා එනම් අද මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී මුළු දුන්නේ ය.
මෙම විශේෂ ජන සමුළුව අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජයධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, උත්තර ලංකා සභාගයේ විධායක සභික, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී තිලකසිරි යන දේශපාලන පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.
1977 දී මෙරටට හඳුන්වා දුන් පරාධීන ආර්ථික මාවත හේතුවෙන් ගිලන් වූ අපගේ මාතෘභූමිය සුවපත් කෙරුමට සමත්, නැවුම් මාවතකට මුල්ගල තැබෙන මෙම අවස්ථාවට, උත්තර ලංකා සභාගය හා ඉදිරියේදී පුළුල් දේශපාලන සන්ධානයක් සඳහා සන්ධානගත වීමට නියමිත දේශපාලන සන්ධාන සහ දේශපාලන පක්ෂවල නායකයන් ඇතුළු දේශපාලන නායකයන් පිරිසක් සුබ පැතුම් එක් කිරීම ද සිදු කෙරිණි.
ඒ අනුව මානුෂීය ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ඩලස් අලහප්පෙරුම, "දූෂණය නවතමු! මව්බිම ගොඩගමු!" සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහත්වරු මෙම විශේෂ සමුළුවට සුබ පැතුම් එක් කළහ.
පැමිණි පිරිස පිළිගැනීම උත්තර ලංකා සභාගයේ විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් සිදු කළ අතර "1977 කොඩිවිනය අවසන් කරමු!" නමින් වාර්තාමය වැඩසටහනක් ද මෙහි දී ප්‍රදර්ශනය කෙරිණි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජනය කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතූළු විද්වත් වෘත්තිකයයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය,
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
