News Category
From Date
To Date
Maximum Number of Result

මොස්කව් ප්‍රසංග ශාලාවේ ප්‍රසංගයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය- මෙතෙක් හෙළිවූ දේ

Mar 23, 2024 at 09:53 AM
|

ඊයේ(22) රාත්‍රියේ රුසියාව සිය නූතන ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු විය. මොස්කව් නගරයට මදක් ඔබ්බෙන් පිහිටි ක්‍රොකස් සිටි හෝල් (Crocus City Hall) නම් මොස්කව් නගරයෙන් පිටත පිහිටි ප්‍රධානතම විනෝදාස්වාද සංකීර්ණය මෙම ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු විය. ශාලාවේ පැවැත්වෙමින් තිබූ සංගීත සංදර්ශනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් අවම වශයෙන් පුද්ගලයන් 60 දෙනෙකු පමණ වෙඩි තබා ඝාතනය කළ  අතර තවත් විශාල පිරිසකට තුවාල සිදු කළහ .

අප මෙ සටහන තබන මේ මොහොත වන විටත් රුසියානු බළධාරින් ප්‍රහාරය සම්බන්ධ තොරතුරු අධ්‍යනය කරමින් සිටින අතර ඔවුහු මෙතෙක් අනාවරණය කළ කරුණු වලට අනුව ප්‍රහාරය හොඳින් සැලසුම් කර ඇති බවත් ජීවිත හානි උපරිමව සිදු කිරීමට සැලසුම් කර ඇති බව දකින්නට ලැබෙන බවත් පවසයි.

 ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු පහත පරිදි වේ.

ප්‍රහාරය එල්ල කළේ ජනයා විශාල ලෙස ගැවසෙන ස්ථානයක් වන "ක්‍රොකස් සිටි හෝල්" නම් විනෝදාස්වාද සංකීර්ණයකටය. එය රුසියානු අගනුවරට බටහිර ප්‍රදේශයේ පිහිටි තදාසන්න ප්‍රදේශයක පිහිටි ජනාවාසයක් වන ක්‍රස්නොගෝර්ස්ක් හි පිහිටි ප්‍රසංග මධ්‍ය්ස්ථානයකි. එම විනෝදාස්වාද සංකීර්ණය 2009 දී විවෘත කරන ලද අතර එයට සාප්පු සංකීර්ණයක් සහ හෝටලයක් ද ඇතුළත් වේ.

ප්‍රසංග ශාලාව 7,500 ක් පමණ පිරිසිකට සහභාගි විය හැකි ලෙස නිර්මාණය කර ඇති අතර ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ප්‍රහාරය දියත් කරන විට ශාලාව සම්පූර්ණයෙන්ම පාහේ පිරී තිබුණි.රුසියාවේ ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන පික්නික් තම සංගීත ප්‍රසංගය ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියහ.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීම

අන්තර්ජාලයේ මේ වන විට සංසරණය වන වීඩියෝ දර්ශනවලට අනුව ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් පස් දෙනෙකු පමණ සහභාගී වී ඇත. ඔවුන් සතුව ස්වයංක්‍රීය ගිනි අවි මෙන්ම වෙනත් හමුදා ආම්පන්න තිබූ බවත් පෙනී යයි.

ත්‍රස්තවාදීන් ප්‍රසංග ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී නිරායුධව සිටි ආරක්‍ෂක භටයන් මරා දමා ශාලාව තුළ  ඔවුන්ගේ ප්‍රචණ්ඩ මෙහෙයුම කරගෙන යාමට පෙර දොරටු අවහිර කර ඇති බව වාර්තා වේ.

සංකීර්ණය ගිණි ගැනීම

ත්‍රස්තවාදීන් ප්‍රසංග ශාලාවට ඇතුළු වූ පසු  ශාලාවේ තිබූ ආසන ගිනි තබා ඇති බව වාර්තා වේ. ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට පැමිණීමට පෙර ගින්න ගොඩනැගිල්ල පුරා පැතිරී වහලය දක්වාම  පැතිර තිබුණි. ප්‍රහාරයෙන් පසු හෙලිකොප්ටර් යානා යොදාගෙන විශාල ජල ප්‍රමාණයක් ගොඩනැගිල්ල මතට වත් කරනු දක්නට ලැබිණි.

මරණ දුසිම් ගණනක්

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) ප්‍රහාරයෙන් මූලික වශයෙන් මරණ 40 ක් පමණ සිදු වී ඇතැයි ගණන් බලා ඇති අතර 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද අනාවරණය කළේය. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවම වශයෙන් ගිලන්රථ 70 ක් එම ස්ථානයට යවා ඇතැයි මොස්කව් සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

මොස්කව් කලාපයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද තුවාලකරුවන්ගේ නම් ලැයිස්තුවේ 140 කට වඩා සිටින අතර ඒවායින් සමහර අය තවමත් නමින් හඳුනාගෙන නොමැත. තුවාලකරුවන්ගෙන් බොහෝ පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන බව පැවසේ. තුවාල සිදු වූ ලැයිස්තුවේ සිටින අය අතර දරු දැරිය හය දෙනෙකුද ඇතැයි පැවසේ. 

ඝාතකයන්ගේ ඉරණම

වෙඩි තැබීමෙන් පසු රුසියාවේ නීතිය බලාත්මක කරන අංශ විසින් කිසිදු අත්අඩංගුවට ගැනීමක් කර ඇතැයි වාර්තා වී  නැත. කමාන්ඩෝ ඒකක එම ස්ථානයට යවා ඇති නමුත් ඔවුන් ශාලාව තුළ සිටි ප්‍රහාරකයන්ට මුහුණ දුන්නේද යන්න බළධාරින් මෙතෙක් පැහැදිලිව අනාවරණය කර නැත. එහෙත් මෙතෙක් තහවුරු නොකළ  මාධ්‍ය වාර්තා පැවසුවේ ක්‍රොකස් සිටි හෝල් හි සේවයේ නියතු සේවකයින් කිහිප දෙනෙකු ආරක්ෂක අංශ රඳවාගෙන ඇති බවයි.

ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නැත

යුක්රේන  ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ සහායකයෙකු වන යුක්‍රේන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මිහායිල් පොඩොලියැක් විසින් "ක්‍රොකස් සිටි හෝල්" ප්‍රහාර සම්බන්ධ ප්‍රවෘත්තිය ප්‍රකාශ කිරීමෙන් සුළු මොහොතකට පසු සමාජ මාධ්‍යවලට වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කළේය. රුසියාවට එරෙහි සටනේදී කියෙව් ත්‍රස්තවාදී  ක්‍රියාවන්ට යොමු නොවන බව පවසමින් සෙලෙන්ස්කිගේ ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධ වි ඇතැයි යන සැකයෙන් ඔවුහු නිදහස් කළහ.

ජාත්‍යන්තර ප්‍රතිචාර

රුසියාව මිත්‍රශීලී නොවන බව සලකන ජාත්‍යන්තර සංවිධාන සහ විදේශීය රජයන් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක තිබීම විශෙෂත්වයකි. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක ජෝන් කර්බි, සිද්ධියෙන් සුළු මොහොතකට පසු ප්‍රකාශයක් කරමින් සිද්ධිය වූ  "ක්‍රොකස් සිටි හෝල්" හි ඡායාරූප සහ දර්ශන "නැරඹීමට අපහසු" යැයි පැවසීය. "අපගේ සිතුවිලි පැහැදිලිවම මෙම බිහිසුණු ප්‍රහාරයේ වින්දිතයන් සමඟයි. මෙය  බිහිසුණු වෙඩි ප්‍රහාරයක්.” කර්බි අවධාරණය කළේය.

මාර්තු මාසයේ කළ ආරක්ෂක අනතුරු ඇඟවීම්

මේ මස මුලදී, එක්සත් ජනපදය රුසියාවේ සිටින තම පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, පොදු ස්ථාන සහ මහජන රැස්වීම්වලින් වළකින ලෙස ඉල්ලා සිටියේය. තානාපති කාර්යාලය කියා සිටියේ "අන්තවාදීන්" මොස්කව්හි නුදුරේදීම ප්‍රහාරයක් සඳහා  සැලසුම් සකස් කර ඇති බවයි. ඔවුන් අනුගමනය කරමින් තවත් තානාපති කාර්යාල කිහිපයක් ද එවැනිම අනතුරු ඇඟවීම් නිකුත් කළහ.

කෙසේ වුවද ඊයේ සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වොෂින්ටනයට "පෙර අවබෝධයක්" නොතිබූ බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක ජෝන් කර්බි අවධාරණය කළේය.

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.