ඉන්දියාවේ ඇති නැති පරතරය එළියට... ජනගහණයෙන් 1% ක් සියලු වත්කම්වලින් 40%ක් ඩැහැගෙන
ඉන්දියාවේ ජනගහණයෙන් 1%ක් පමණ වන එහි ධනවත්ම කොටස සමස්ත ඉන්දියාවේ වත්කමෙන් 40%ක් අත්පත් කරගෙන සිටින බව අධ්‍යයනයකින් හෙළි වී ඇති බව වාර්තා වේ.
මිලියන 1,428ක් පමණ වන ඉන්දීය ජනගහණයෙන් එහි ධනවත්ම කොටස මිලියන 9.2 ඉක්මවන්නේ නැති බවත්, ඔවුන් ඉන්දියාවේ සමස්ත ආදායමෙන් 22.6%ක් උපයන බවත්, වත්කම්වලින් 40%ක් හිමිකරගෙන සිටින බවත් මෙම අධ්‍යයනයෙන් අනාවරණය වේ.
සුප්‍රකට ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් මෙම අධ්‍යාපනය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
වත්කම්වල අසමාන බෙදීම් පිළිබඳ විශේෂඥයෙකු වන තෝමස් පිකෙටි ද එම කණ්ඩායමට ඇතුළත් වේ.
ඔවුන් සිදුකළ අධ්‍යයනයෙන් අනාවරණය වන්නේ 1920 ගණන්වල සිට ඉන්දියාවේ ආදායම් සහ වත්කම් බෙදීයාමේ අසමානත්වය දක්නට ලැබෙන බවය.
මෙම අසමානත්වය 1990 දශකයේ ආරම්භයේදී නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමග ඉහළ ගොස් ඇති බව පෙනී ගොස් ඇති කරුණකි.
එහෙත් 2014 සිට 2023 දක්වා කාලසීමාවලදී ඉන්දියාවේ වත්කම් කේන්ද්‍ර ගතවීමේ අසමානත්වය උපරිම මට්ටමට පැමිණ ඇති බව අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.
ඒ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා බලයට පැමිණීමත් සමග ඉන්දියාවේ ‘බිලියනයර්ස්‘ නැත්නම් ප්‍රකෝටිපතියන් පංතියක් බිහිවීමත් සමගය.
මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි වැනි එවැනි ප්‍රකෝටිපතියන්ට ඉන්දීය රජයේ කොන්ත්‍රාත් ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදුන් බවට ද චෝදනා එල්ල වේ.
මේ අනුව අගමැති මෝදිගේ පාලන කාලය ඉන්දියාවේ ඇති නැති පරතරය ඉහළ නැංවූ කාලවකවානුවක් බව අදාළ අධ්‍යයනයේ දත්ත උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්