ළමා අපයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමේ සූදානම ගැන ජාතික සංවිධාන හෙළිකිරීමත් සමග පාර්ශ්ව රැසක් කැළඹේ.... ළමා ආරක්ෂක අධිකාරියේත් විරෝධය
වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව රජය ගෙනඒමට යෝජිත සංශෝධන වහා හකුළා ගත යුතු බව පාර්ශ්ව රැසක් පෙන්වා දෙයි.
දණ්ඩනීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගිය පෙබරවාරි 13 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබිණි.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි එය ප්‍රකාශයට පත්කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 සංශෝධනය කරමිනි.
යෝජිත සංශෝධනයට අනුව වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු වයස අවුරුදු 22කට අඩු පුද්ගලයෙකු සමඟ සිය කැමැත්ත සහිතව ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් දඬුවම ලිහිල් කිරීමට මෙමඟින් යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් ඊට එකඟ නොවන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණ අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම්දී තිබේ.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසුවේ ළමා අපයෝජන වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවට උපදෙස් ලබාදීමට පාර්ලිමේන්තුවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව එම දැනුම්දීම කර ඇති බවයි.
දණ්ඩ නීති සංග්‍රහයට ගෙනඒමට යෝජිත සංශෝධන පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
මෙවැනි පසුබිමක දණ්ඩනීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා ගෙනඒමට නියමිත සංශෝධන වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිවයන්ගේ සංසදය අධිකරණ අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්