
අවුරුදු නැකැතට නැකැත්කරුවෝ ගැටෙති... විකල්ප නැකැත් ලැයිස්තුවක් එළියට
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද (2024) වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කළ නැකැත් අසුබ යැයි පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විකල්ප නැකැත් ලැයිස්තුවක් අද ඉදිරිපත් කර ඇත.
එම කණ්ඩායම ‘ජාතික නැකැත් කමිටුව’ ලෙස නව සංවිධානයක් ලෙස එම නව නැකත් ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළ අතර රාත්‍රී නැකැත් වෙනුවට පෙරවරුවේ නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් එම කණ්ඩායම ඉදිරිපත් කළේය.
මෙවර අලුත් අවුරුද්ද අප්‍රේල් මස 13 වැනිදා අපරභාග 9.05 ට ද, පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වැනිදා අපරභාග 2.41 සිට 14 වැනිදා අළුයම 3.29 දක්වා පවතින බව ද එහිදී ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී ජනක මාධව නවරත්න මහතා පැවසීය.
ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනිදා පුර්වභාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා කිරීම සුදුසු බවත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදින පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කළ යුතු බව ද නවරත්න මහතා කීය.
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ලිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර ඉටුකිරීම සඳහා නැකැත් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11.00 ත් අලුයම 1.00 ත් අතර කාලය තුළ යෙදී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
