
ඩොනල්ඩ් ට්‍රම්ප් මුදල් වංචාවකට වැරදිකරු බව ඇමෙරිකානු අධිකරණය තීන්දු කරයි
එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර නීතිවිරෝධී ලෙස ඔහුගේ ශුද්ධ වටිනාකම ඉහළ නැංවීම කර ඇති බව නිව්යෝර්ක් ප්‍රාන්ත සිවිල් අධිකරණයක් විසින් ඊයේ (26 ) සොයා ගත් බව විනිසුරු ආතර් එන්ගොරොන් හෙළි කළ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
රජයේ නීතිපති ලෙටිෂියා ජේම්ස් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී හිටපු ජනපති ට්‍රම්ප්ට සහ ට්‍රම්ප් සංවිධානයට එරෙහිව නඩු පවරා තිබුණේ ඔහුගේ ශුද්ධ වටිනාකම පිළිබඳව දශකයක් තිස්සේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව පවසමිනි. බැංකු ණය, රක්ෂණ සහ අනෙකුත් මූල්‍ය සම්පත් සඳහා හිතකර කොන්දේසි ලබා ගැනීමේ අභිප්‍රායෙන් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 2.23 ත් 3.6 ත් අතර ප්‍රමාණයකින් වැඩි කර ඇති බව හෙළිවී ඇතැයි විනිසුරුවරයා පැවසූ බව අමෙරිකානු මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ වතුයාය, ට්‍රම්ප් ටවර් පෙන්ට්හවුස්, ගොල්ෆ් ක්‍රීඩාංගණ සහ කාර්යාල ගොඩනැගිලි ඔහු විසින් වැඩි වටිනාකමකට තක්සේරු කරවා ඇති වත්කම් අතර වන බව අධිකරණ තීන්දුවෙන් සොයාගෙන ඇත.
නඩුවේ බහුවිධ හිමිකම් විසඳීමේ නඩු විභාගය එලඹෙන සතියේ සඳුදා ආරම්භ වීමට නියමිතය.
සිවිල් නඩුවට අමතරව, ට්‍රම්ප් ජනවාරි 6 කැපිටල් කෝලාහලයට සම්බන්ධ යැයි කියනු ලබන අපරාධ චෝදනා දුසිම් ගනනකට මුහුන දී සිටී. එලෙසම දශකයකට පමණ පෙර ඔහු කාමුක නිළියකට මුදල් ගෙවා ඇතැයිද චෝදනා එල්ල වේ. කෙසේ වුවද ට්‍රම්ප් ඔහුට එරෙහිව වැඩෙන නඩු ගොන්න දේශපාලන මායා දඩයමක් ලෙස පවසා ප්‍රතික්ෂේප කර ඇත.
අමෙරිකානු රජයේ නීතිපතිවරිය ට්‍රම්ප්ට්ට එරෙහිව ඉදිරිපත් කර ඇති ඩොලර් මිලියන 250 ක නඩුවේදී කියා සිටියේ "ට්‍රම්ප්" පවුලම “විශ්වාසය කඩ කිරීමේ වංචාවකට” වැරදිකරුවන් වන බවත් ට්‍රම්ප් සහ ඔවුන්ගේ සමාගම නිව් යෝර්ක්හි කිසිදු ව්‍යාපාරයක් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට උත්සාහ කරන බවද අනාවරණය කළාය. ට්‍රම්ප් හැරුණු විට, නඩුවේ විත්තිකරුවන් අතර ඔහුගේ වැඩිහිටි දරුවන් තිදෙනෙකු සහ ට්‍රම්ප් සංවිධානයේ විධායකයින් දෙදෙනෙකු වන ඇලන් වීසල්බර්ග් සහ ජෙෆ් මැකෝනිද සිටී.
හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේදී තමා වරදක් කර ඇති බව ප්‍රතික්ෂේප කර ඇති අතර, තමාගේම දේපළ පිළිබඳ සුභවාදී තක්සේරු කිරීම් මගින් “බැංකුවකට හානියක් නොවූවා පමණක් නොව” “ඔවුන් ඩොලර් මිලියන සිය ගණනක පොලී සහ ගාස්තු වලින් ඉතා හොඳ ලාභයක් ලැබූ බව පෙන්වා දෙයි. ප්‍රශ්නගත කිසිදු ණයක් සම්බන්ධයෙන් කිසි විටෙක කිසිඳු ගැටලුවක්ද පැන නැගී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
