ඩොනල්ඩ් ට්‍රම්ප් මුදල් වංචාවකට වැරදිකරු බව ඇමෙරිකානු අධිකරණය තීන්දු කරයි
එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර නීතිවිරෝධී ලෙස ඔහුගේ ශුද්ධ වටිනාකම ඉහළ නැංවීම කර ඇති බව නිව්යෝර්ක් ප්‍රාන්ත සිවිල් අධිකරණයක් විසින් ඊයේ (26 ) සොයා ගත් බව විනිසුරු ආතර් එන්ගොරොන් හෙළි කළ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
රජයේ නීතිපති ලෙටිෂියා ජේම්ස් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී හිටපු ජනපති ට්‍රම්ප්ට සහ ට්‍රම්ප් සංවිධානයට එරෙහිව නඩු පවරා තිබුණේ ඔහුගේ ශුද්ධ වටිනාකම පිළිබඳව දශකයක් තිස්සේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව පවසමිනි. බැංකු ණය, රක්ෂණ සහ අනෙකුත් මූල්‍ය සම්පත් සඳහා හිතකර කොන්දේසි ලබා ගැනීමේ අභිප්‍රායෙන් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 2.23 ත් 3.6 ත් අතර ප්‍රමාණයකින් වැඩි කර ඇති බව හෙළිවී ඇතැයි විනිසුරුවරයා පැවසූ බව අමෙරිකානු මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ වතුයාය, ට්‍රම්ප් ටවර් පෙන්ට්හවුස්, ගොල්ෆ් ක්‍රීඩාංගණ සහ කාර්යාල ගොඩනැගිලි ඔහු විසින් වැඩි වටිනාකමකට තක්සේරු කරවා ඇති වත්කම් අතර වන බව අධිකරණ තීන්දුවෙන් සොයාගෙන ඇත.
නඩුවේ බහුවිධ හිමිකම් විසඳීමේ නඩු විභාගය එලඹෙන සතියේ සඳුදා ආරම්භ වීමට නියමිතය.
සිවිල් නඩුවට අමතරව, ට්‍රම්ප් ජනවාරි 6 කැපිටල් කෝලාහලයට සම්බන්ධ යැයි කියනු ලබන අපරාධ චෝදනා දුසිම් ගනනකට මුහුන දී සිටී. එලෙසම දශකයකට පමණ පෙර ඔහු කාමුක නිළියකට මුදල් ගෙවා ඇතැයිද චෝදනා එල්ල වේ. කෙසේ වුවද ට්‍රම්ප් ඔහුට එරෙහිව වැඩෙන නඩු ගොන්න දේශපාලන මායා දඩයමක් ලෙස පවසා ප්‍රතික්ෂේප කර ඇත.
අමෙරිකානු රජයේ නීතිපතිවරිය ට්‍රම්ප්ට්ට එරෙහිව ඉදිරිපත් කර ඇති ඩොලර් මිලියන 250 ක නඩුවේදී කියා සිටියේ "ට්‍රම්ප්" පවුලම “විශ්වාසය කඩ කිරීමේ වංචාවකට” වැරදිකරුවන් වන බවත් ට්‍රම්ප් සහ ඔවුන්ගේ සමාගම නිව් යෝර්ක්හි කිසිදු ව්‍යාපාරයක් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට උත්සාහ කරන බවද අනාවරණය කළාය. ට්‍රම්ප් හැරුණු විට, නඩුවේ විත්තිකරුවන් අතර ඔහුගේ වැඩිහිටි දරුවන් තිදෙනෙකු සහ ට්‍රම්ප් සංවිධානයේ විධායකයින් දෙදෙනෙකු වන ඇලන් වීසල්බර්ග් සහ ජෙෆ් මැකෝනිද සිටී.
හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේදී තමා වරදක් කර ඇති බව ප්‍රතික්ෂේප කර ඇති අතර, තමාගේම දේපළ පිළිබඳ සුභවාදී තක්සේරු කිරීම් මගින් “බැංකුවකට හානියක් නොවූවා පමණක් නොව” “ඔවුන් ඩොලර් මිලියන සිය ගණනක පොලී සහ ගාස්තු වලින් ඉතා හොඳ ලාභයක් ලැබූ බව පෙන්වා දෙයි. ප්‍රශ්නගත කිසිදු ණයක් සම්බන්ධයෙන් කිසි විටෙක කිසිඳු ගැටලුවක්ද පැන නැගී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..