
කන්කසන්තුරේ වරායට ඉන්දියාවෙන් ලොකු ගාණක් දෙන්න යයි
ශ්‍රි ලංකා වරාය අධිකාරිය සතු කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය කැමැත්ත පල කර ඇති බව ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.
මහකොමසාරිස්වරයා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්චාවකදී මෙම කරුණු හෙලි විය.
මෙම සංවර්ධන වැඩ පිලිවෙල යටතේ වරාය තුලට විශාල නැව් සහ යාත්‍රා ඇතුලු කිරීමට මීටර් 30ක් පමණ වරාය පතුල ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී මහකොමසාරිස්වරයා කියා සිටියේ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර කලාපීය සහයෝගිතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. එමෙන්ම ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රි ලංකාව බව ඉන්දියානු රජය විසින් නම් කර ඇති බවද හෙතෙම පැවසීය.
ගුවන් හා නාවික ක්ෂේත්‍රයන්හී දී ඉන්දියානු රජය විසින් ශ්‍රි ලංකාවට ලබා දෙන සහයෝගය පිලිබඳව ශ්‍රි ලංකා රජයේත්, තම අමාත්‍යංශයේත් කෘතවේදී භාවය පල කරන බවත්, විශේෂයෙන් චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ඉතාමත් ප්‍රශස්ත කරුණක් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ඉන්දීය සංචාරයින්ගේ පහසුව සඳහා රුපියල් මිලියන 600ක වියදමකින් නවීන පර්යන්තයක් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේ ඉදි කල බව පැවසු අමාත්‍යවරයා පසුගිය මාස 09 ක කාලය තුල ඉන්දියානු සංචාරකයින් විශාල ප්‍රමාණයක් ශ්‍රි ලංකාවට පැමිණ ඇති බවද අවධාරණය කලේය.
එබැවින් ඉන්දියානු රජය විසින් ලබා දෙන මෙම ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානය උපයෝගී කර ගනිමින් කඩිනමින් කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා මහකොමසාරිස්වරයාට පැවසීය.
විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
