
මාස තුනක දී ඉන්දීය ධීවරයන් 146ක් සහ යාත්‍රා 18ක් නාවික හමුදා භාරයට අරන්
2024 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුලදී උතුරු මුහුදු සීමාවන්ට අනවසරයෙන් ඇතුල්වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 146 දෙනෙකු සමග ධීවර යාත්‍රා 18 ක් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
මේ අතර උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි ලෙස උතුරු මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සමගින් ධීවර යාත්‍රා දෙකක් 16 වනදාද අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් අදාල ධීවරයින් පිරිස යාපනය අධිකරණයට ධීවර හා ජලජ සම්පත් කාර්යාල නිලධාරීන් විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒහිදී යාපනය අධිකරණය මගින් ඉන්දීය ධීවරයින් 21 දෙනා මේ මස (මාර්තු) 27 වනදා දක්වා බන්ධනාගාරගත කිරීඹට නියෝග කොට තිබුණි.
එමෙන්ම නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කන්කසන්තුරෙයි වරාය වෙතට රැගෙනවිත් නාවික හමුදා භාරයේ තැබීමට පියවර ගනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
