
පුටින් දැවැන්ත ජයග්‍රහණයක් අබියස - රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම
වත්මන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙවර ජනාධිපතිවරණයෙන් 87% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම (CEC) පවසයි.
රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම ට අනුව, මොස්කව් වේලාවෙන් ඊයේ (17) උදෑසන 7 වන විට ප්‍රකාශිත සමස්ත ඡන්දවලින් 99.5% කට වඩා ගණන් කර ඇති අතර පුටින් ලැබී ඇති සමස්ථ ඡන්ද වලින් 87.3% කින් පමණ ඉදිරියෙන් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
ඔහුගේ ප්‍රතිවාදියා වන රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ Nikolay Kharitonov ප්‍රකාශිත සමස්ත ඡන්ද වලින් 4.3% ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර නව ජනතා පක්ෂයේ Vladislav Davankov ප්‍රකාශිත ඡන්ද වලින් 3.8% ක් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ Leonid Slutsky ප්‍රකාශිත සමස්ත ඡන්ද වලින් 3.2% ක් පමණ ලබාගෙන පිළිවෙලින් තුන්වන සහ හතරවන ස්ථානවලට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව පිටව යන ජනයා ඇසුරෙන් කළ මත විමසුමකදී මේ හා සමාන ප්‍රවනතාවයක් පෙන්නුම් කළ අතර, වත්මන් රුසියානු රාජ්‍ය නායකයා මැතිවරණයෙන් 87.8% කින් ජයග්‍රහණය කරනු ඇතැයි එම මත විමසුමක මගින් අපේක්ෂා කෙරිනි. රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද දායකයින් 466,324ක් මෙම සමීක්ෂණය සඳහා අදහස් ප්‍රකාශ කර ඇත.
රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම හි දත්ත වලට අනුව, මෙම වසරේ මැතිවරණයට ඉහල ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සහභාගි වී ඇති අතර, එය 74% දක්වා ඉහළ අගයක් බවද කියවේ.
බොහෝ රුසියානු කලාපවල ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු දැනටමත් අවසන් වී ඇත. ප්‍රථම වරට පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කරන රුසියාවේ නව ප්‍රදේශ දෙකක් වන ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ (එල්පීආර්) 94.12% කට සහ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ (ඩීපීආර්) 95% කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද ලබා ගැනීමට පුටින් සමත්ව තිබේ.
Tyva, Khakassia සහ Yakutia ජනරජවල, Zaporozhye, Kherson සහ Khabarovsk යන ප්‍රදේශවලින් සහ Chukotka ස්වයං පාලන ප්‍රදේශයෙන් ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ, දළ වශයෙන් 90% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්, අපේක්ෂකයන් හතර දෙනාගෙන් ඉදිරියෙන් සිටීමට පුටින් සමත්ව ඇති බවයි.
Putin set for landslide win – Russia’s election commission
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
