ජෙරම්ගේ ගිණුම්වල කෝටි 1200 ක්... ඔහුට එරෙහිව ගන්න පියවර උසාවියට කියන්න - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග
ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට දේශීය හා විදේශීය වශයෙන් රුපියල් කෝටි එක් දහස් දෙසීයකට අධික මුදල් ප්‍රමාණයක් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මෙන්ම ප්‍රසිද්ධ දේශනයක දී බොදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවලට එරෙහිව ගත් නීතිමය පියවර කුමක්දැයි ඉදිරි නඩු දිනයේදී (එනම් ලබන මැයි 13 වැනිදා) තම අධිකරණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
එම දේවගැතිවරයා විසින් සිදුකර ඇති එකී අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොනුකර නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා, හජ්ජියාර් සියාද් හෂාන් මවුලවිතුමා විසින් එම පෙත්සම ගොනුකර තිබිණි. වග උත්තරකාර දේවගැතිවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ගිණුම් හරහා ගෙවුණු කාලය තුළ දී රුපියල් බිලියන 12කට අධික මුදලක් සංසරණය වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට වාර්තා කොට ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර නොගැනීම කනගාටුවට කරුණක් බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඬුල්ලට පැවැසීය.
වගඋත්තරකාර එම දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන සභිකය විසින් මේ වනවිටත් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවැසීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්