
මහ බැංකුවට එරෙහිව ගෙවිඳු ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ 2022 වසර සඳහා ගෙවීමේදී සෙසු සාමාජිකයන්ට සියයට නවයකුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන සාමාජිකයන්ට සියයට 29කුත් ගෙවීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ ශවනි රාජකරුණා මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධීපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා හා නීතිපතිවරයා නම් කර ඇත.
සෙසු සාමාජිකයන්ට එකී ප්‍රතිලාභ සියයට 9ක් වැනි අවම ප්‍රමාණයකින් ගෙවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන පිරිසට සියයට 29ක් වැනි විශාල ප්‍රතිශතයකින් ගෙවීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය හා කුමන හේතුවක් නිසා හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12 (1) 12 (2) ව්‍යවස්ථාවන් පමණක් නොව 14 (1) ව්‍යවස්ථාව යටතේ හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම ද ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපති ඇතුළු වගඋත්තරකරුවන් උල්ලංඝනය කර ඇති බවද පෙත්සම්කරු අධිකරණයට කියා තිබේ. එබැවින් එලෙස පෙර කී ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ට ලබාදී ඇති අනිසි ප්‍රතිලාභ වන රුපියල් කෝටි ගණනක මුදල වහාම යළි සේවක අර්ථසාධක අරමුදලට බැර කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම්කරු ඉල්ලා තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
