මහ බැංකුවට එරෙහිව ගෙවිඳු ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ 2022 වසර සඳහා ගෙවීමේදී සෙසු සාමාජිකයන්ට සියයට නවයකුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන සාමාජිකයන්ට සියයට 29කුත් ගෙවීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ ශවනි රාජකරුණා මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධීපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා හා නීතිපතිවරයා නම් කර ඇත.
සෙසු සාමාජිකයන්ට එකී ප්‍රතිලාභ සියයට 9ක් වැනි අවම ප්‍රමාණයකින් ගෙවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන පිරිසට සියයට 29ක් වැනි විශාල ප්‍රතිශතයකින් ගෙවීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය හා කුමන හේතුවක් නිසා හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12 (1) 12 (2) ව්‍යවස්ථාවන් පමණක් නොව 14 (1) ව්‍යවස්ථාව යටතේ හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම ද ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපති ඇතුළු වගඋත්තරකරුවන් උල්ලංඝනය කර ඇති බවද පෙත්සම්කරු අධිකරණයට කියා තිබේ. එබැවින් එලෙස පෙර කී ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ට ලබාදී ඇති අනිසි ප්‍රතිලාභ වන රුපියල් කෝටි ගණනක මුදල වහාම යළි සේවක අර්ථසාධක අරමුදලට බැර කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම්කරු ඉල්ලා තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්