'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය ජනගත වෙයි
'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ අද (මාර්තු 12) දින ජනගත කිරීම සිදුවිය.
මෙහි මුලසුන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් දරනු ලැබූ අතර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉන්ජිනේරු කපිල පෙරේරා, දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් යන මහත්වරුන් මෙහි විශේෂ දේශන පවත්වනු ලැබීය.
එහිදී අදහස් දැක් වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ 'එට්කා ගිවිසුම' පිළිබඳව සාකච්ඡා ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහ මහතා 2003 වසරේ ආරම්භ කළ පසු අවස්ථා හරතරක දී වෙනස්කම්වලට භාජනය කරමින් එම ගිවිසුම ගෙන ඒමට උත්සාහ දැරූ බවය.
මුල් අවස්ථාවලදී මෙම ගිවිසුමේ ලේඛන හෙළිදරව් වීම නිසා රටේ මේ පිළිබඳව විශාල විරෝධයක් පැනනැගුණ හෙයින් මෙවර ඉන්දියාව විසින් ආක්‍රමණකාරී ලෙස එට්කා ගිවිසුමේ ලේඛන හෙළිදරවීම වැළැක්වීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා මෙහිදී හෙළිකළේය.
අමාත්‍ය මණ්ඩලය රවටමින් ජනාධිපතිවරයා විසින් මෙහිදී අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින බවද, ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටිය දී ගෙන ආ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩපිළිවෙල තුළ අද මේ කරගෙන යනු ලබන සියලු දේ අන්තර්ගතව තිබූ බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
රනිල් වික්‍රමසිංහ මහතාට එදා කරගැනීමට නොහැකි වූ පවාදීම් සියල්ල කිරීමට ඔහු විසින් තමන්ගේ අතේ තිබූ 'රිලේ බැටන්' එක මහින්ද රාජපක්ෂ මහතා අතට ලබාදුන්නද සිංහල බෞද්ධ බලවේග ඔහුගේ කකුල් දෙකේ එල්ලී සිටීම නිසා එය කරගැනීමට නොහැකි වූ බවත් ඒ මහතා පැවසීය.
එට්කා ගිවිසුම සීපා ලෙසින් ගෙන ආ සමයේ මහින්ද රාජපක්ෂ මහතා ජාතික බලවේගවලට පැවසුවේ මෙය නොකර සිටීමට නම් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උද්ෂෝෂණ පැවැත්විය යුතු බව යැයි ද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළිකළේය.
2015 වසරේ දී නැවත රනිල් වික්‍රමසිංහ මහතා රිලේ බැටන් එක රැගෙන දුවන්නට උත්සාහ කළ ද එවරද ඔහු අසමත් වූ බවත්, පසුව එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතට ලබාදී පසුව ඔහුව පළවාහැරි පසුව නැවත රනිල් වික්‍රමසිංහ මහතා එම රිලේ බැටන් එක රැගෙන දුවමින් සිටින බවත්, ඔහු මෙවර උත්සාහ දරන්නේ එට්කා අවසාන සැතපුම දීවීම සඳහා බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පෙන්වා දෙනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන ජත්‍යන්තර න්‍යායපත්‍ර 6ක් පිළිබඳව මෙම කෘතියේ දක්වා ඇති බවත්, එම න්‍යායපත්‍ර හයම රටට බිහිසුනු අන්තරායක් එල්ල කරනු ලබන න්‍යාය පත්‍ර බවත්ය.
ශ්‍රී ලංකාවේ ඇති සම්පත් ඉන්දියාවේ නොමැති බවද, ඔවුන් මේ රටේ ඇති වටිනාකම හොඳින්ම දන්නා බවද, මේ මොහොතේ රට මෙම ආක්‍රමණයෙන් ගලවා ගැනීමට සියලු පාර්ශ්ව පෙළ ගැසිය යුතු බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.











සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..