
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සවිමත් ජාතික ව්‍යාපාරයක් බිහි කිරීමට ‘ජාතික උපදේශක සභාව’ එළිදකී
සියලු ජාතික බලවේග ඒකරාශී කොට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බුද්ධ ශාසනයේ සහ රටේ ඉදිරි පැවැත්ම උදෙසා සවිමත් ජාතික ව්‍යාපාරයක් බිහි කිරීමට ‘ජාතික උපදේශක සභාව’ නමින් ජාතික ව්‍යාපාරයක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද අතර මෙහි හතර වන රැස්වීම පසුගිය මාර්තු 08 වැනිදා පවත්වන ලදී.
රටටත් බුද්ධ ශාසනයටත් ඇති අභියෝග ජය ගැනීම සඳහා මෙරට මහසඟරුවන දැනුවත් කර රාජ්‍ය පාලනයට අවශ්‍ය මඟපෙන්වීම සිදු කිරීමට සාමග්‍රී මහ සඟ සමුළුවක් පැවැත්වීමට තීරණය කළ බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ. රටට සහ බුදු දහමට ඇති එම අභියෝග ජය ගැනීම සඳහා මේ මහ සඟ සමුළුව හරහා රජයට යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද, එමගින් සකස් කරන වැඩපිළිවෙළ ඉදිරියේ මහ සඟ සමුළුව හරහා රටට ජනගත කරන බව ද උන්වහන්සේ පැවසූහ.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව පැවසුවේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පසුගියදා රැස් වූ ජාතික උපදේශක සභා රැස්වීමේදීය.
ඕමාරේ කස්සප සහ බෙංගමුවේ නාලක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු පැවිදි සහ ගිහි පිරිස් ද මෙහිදී අදහස් දැක්වූහ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කිරීමට නියමිත එක්ටා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට බලවත් ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ආරවුල් ඇති විය හැකි බවට මෙහිදී අදහස් පළ විය. ඒ පිළිබඳව විරෝධය දැක්වීම සඳහා අද (13දා) සිට 20 දා දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථාන පරිශ්‍රයේදී ජනතාවගේ අත්සන් ලබා ගැනීමටද නියමිතය.
මෙම ජාතික උපදේශක සභා රැස්වීමට වටිනාපහ සෝමානන්ද, අගුලුගල්ලේ සිරි ජිනානන්ද, කෝන්ගස්තැන්නේ ආනන්ද, වත්තේවැවේ ධම්මානන්ද සහ කොටහේනේ නාලක හිමිවරුන් ඇතුළු මහසඟරුවන වැඩම කර සිටියහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, භාණ්ඩාගාරික වසන්ත ද සිල්වා, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ මේජර් ජෙනරාල් විජිත් රවිප්‍රිය මහතා ඇතුළු මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටියහ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
