ජානිපෙ නායක විමල් වීරවංශ සහ චීන තානාපති කාර්යාලයේ කවුන්සල්වරයා අතර විශේෂ හමුවක්
චීනය යනු ශ්‍රී ලංකාවට දුෂ්කර සහ අභියෝගාත්මක සෑම අවස්ථාවකදීම උදව් කළ රාජ්‍යයක් බවත් නමුත් ශ්‍රී ලංකාවේ කලින් කලට සිදුවන දේශපාලන වෙනස්කම් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු අවස්ථාවන් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සල්වරයා(Counsellor) වන Chen Xiangyuan මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ජානිපෙ නායකවරයා ලබා දුන් පිළිතුරු පහත පරිදිය.
*මෙවැනි සාකච්ඡාවකට අවස්ථාව නිර්මාණය වූයේ කෙසේද?
ඇත්තෙන්ම චීන තානාපති කාර්යාලයෙන් තමයි ඉල්ලීමක් ආවේ, අපේ පක්ෂ මූලස්ථානයට පැමිණ සාකච්ඡාවක් කිරීමට. ඒ අනුව තමයි මේ අවස්ථාව නිර්මාණය වූයේ. රටේ වර්තමාන දේශපාලන වාතාවරණය තමයි මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කළේ. ඊට අමතරව ඔවුන් අපේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් යම් යම් කරුණු විමසා සිටියා.
*චීන ආයෝජන ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් සිදුවෙද්දී එමගින් චීන ආක්‍රමණයක් සිදුවන බව ඔබතුමන්ලා ඔවුන්ට පෙන්වා දුන්නා ද?
චීන ආක්‍රමණයක් පිළිබඳව අපි කිසිවිටෙකත් කතා කරලා නැහැ. එහෙම අදහස් දරන වෙනත් අය ඉන්නවා. නමුත් අපි එහෙම අදහසක් කිසිවිටෙක දරලා නැහැ. චීනය ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ මිත්‍ර රාජ්‍යයක්; ඒ වගේම අප රට සමග ආර්ථික සබඳතා පුළුල් වශයෙන් පවතින රාජ්‍යයක්; අනෙක් අතට අපට දුෂ්කර සහ අභියෝගාත්මක සෑම අවස්ථාවකදීම උදව් කළ රාජ්‍යයක්. නමුත් ශ්‍රී ලංකාවේ කලින් කලට සිදුවන දේශපාලන වෙනස්වීම් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු වූ අවස්ථාවන් ද තිබෙනවා.
*ජනාධිපතිවරයාගේ අයිඑම්එෆ් සාකච්ඡාවට ඇරයුම් ලැබුණාද?
ඇරයුමක් නම් සෑම දේශපාලන පක්ෂයකටම ලැබිලා තිබුණානේ. අපි විශ්වාස කරනවා, ‘අපට ගිහින් අයිඑම්එෆ් එකත් එක්ක කරන්න සාකච්ඡාවක් නැහැ’ කියා. දැන් ගිවිසුම් ගහලා ඉවරයි. වත්මන් පාලනය මේ වන විට අයිඑම්එෆ් එක ගහන පදයට නටමින් ඉන්නේ. අපි දැන් එතැනට ගිහින් විවේචන කළා කියා මේ ගමන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ‘බොරුවට කාලය කන්න ඕනේ නැහැ’ කියන පදනමින් තමයි අපි එම අවස්ථාව ප්‍රතික්ෂේප කළේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තෙවන ලේකම්(Third Secretary) Jin Enze, ජාතික නිදහස් පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු ද ඉහත කී සාකච්ඡාවට එක්ව සිටියහ.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්