රුසියානු, චීන සහ ඉරාන නාවික හමුදා ඒකාබද්ධ යුද අභ්‍යාසයක
රුසියානු, චීන සහ ඉරාන නාවික හමුදාවන්ට අයත් යුද නාවික යාත්‍රා අද සිට අරාබි මුහුදේ ඕමාන් බොක්කෙහි චා බහාර් වරායේ සිට මෙහෙයුම් කරනු ලබන ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වන බව වාර්තා වේ.
"මුහුදු ආරක්ෂක තීරය" ලෙස නම් කර ඇති මෙම යුද අභ්‍යාසය අද සිට මාර්තු 15 දක්වා පැවැත්වීමට නියමිත අතර රටවල් තුනේම නාවික යාත්‍රා සහ ගුවන් යානා මෙම අභ්‍යාසයට සම්බන්ධ වන බවද වාර්තා වේ.
එලෙසම අසර්බයිජානය, ඉන්දියාව, කසකස්තානය, ඕමානය, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව යන රටවල හමුදා නියෝජිතයන් නිරීක්ෂකයින් ලෙස ශභාගි වන බවද පැවසේ.
“යුද අභ්‍යාසයේ ප්‍රායෝගික කොටස අරාබි මුහුදේ, විශේෂයෙන් ඕමාන් බොක්ක ආශ්‍රිතව සිදුවනු ඇත,” රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(11) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන්නේ සමුද්‍රීය ආර්ථික ක්‍රියාකාරකම්වල ආරක්ෂාව සහතික කිරීම බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාන්ංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පැවසුවේය.
රුසියානු පැසිෆික් බලඇණියේ නාවික යාත්‍රා අභ්‍යාසයට සහභාගි වී සිටින රුසියානු බලඇණිය සමන්විත වේ.
චීන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, මහජන විමුක්ති හමුදා නාවික හමුදාව (ඵ්ළැණ්) විසින් මඟ මිසයිල නාශක නෞකාවක් සහ මිසයිල ප්‍රහාරක නෞකාවක් සහ සැපයුම් නෞකාවක් අභ්‍යාසය සඳහා යොදවා ඇත.
මේ අතර ඉරාන නාවික හමුදාව හෙලිකොප්ටර් කිහිපයක් සහ විවිධ ප්‍රමාණයේ යාත්‍රා විශාල ප්‍රමානයක් අභ්‍යාසය සඳහා එක්කර ඇත.
"මුහුදු ආරක්ෂක තීරය" යුද අභ්‍යාසය 2019 දී මොස්කව්, බීජිං සහ ටෙහෙරානය අතර හවුල් ක්‍රියාදාමයක් ලෙස ආරම්භ විය.කෙසේ වුවද චීනයට 2021දී අභ්‍යාසය මග හැරී ගිය නමුත් එතැන් සිට පැවැත්වූ සෑම අභ්‍යාසයකටම සහභාගී වී ඇත.
2023 පැවැත්වූ අභ්‍යාසය අතරතුර, නාවික හමුදා ත්‍රිත්වය එක්ව යාත්‍රා කිරීමට කටයුතු කළ අතර, දිවා කාලයේ සහ රාත්‍රී කාලතුවක්කු ප්‍රහාර සම්බන්ධ අභ්‍යාසයේ යෙදුනි. එලෙසම මුහුදු කොල්ලකරුවන් විසින් රැගෙන ගිය නෞකාවකින් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සහ විපතට පත් නෞකාවකට සහාය වීම සම්බන්ධ අභ්‍යාසයක්ද කරනු ලැබීය.
අභ්‍යාසය පවත්වන ප්‍රදේශය පර්සියානු ගල්ෆ් ප්‍රදේශයට ඇතුල් වන ස්ථානයට ආසන්නව පිහිටා ඇති අතර, ලෝකයේ බොහෝ තෙල් නෞකා යාතාර කිරීම ආරම්භ වන්නේ මෙම ප්‍රදේශයෙනි. අරාබි අර්ධද්වීපයේ අනෙක් පැත්තේ, යේමනයේ වෙරළට ඔබ්බෙන්, එක්සත් ජනපදය සහ එහි සහචරයින් ඊශ්‍රායලය ආශ්‍රිත සමුද්‍ර වෙළඳාමට බාධා කරන හූතිවරුන් නැවැත්වීමේ උත්සාහයක් ලෙස යුධ නැව් කිහිපයක් යොදවා ඇත. එහෙත් ඔවුන් අසාර්ථක වූවා පමණක් නොව, හූතිවරු එම ප්‍රදේශයේ යාත්‍රා කරන බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු වෙළඳ යාත්‍රා ඔවුන්ගේ ඉලක්ක ලැයිස්තුවට එකතු කරගෙන තිබේ.
Russia, China and Iran launch joint naval exercise
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..