
රුසියානු, චීන සහ ඉරාන නාවික හමුදා ඒකාබද්ධ යුද අභ්‍යාසයක
රුසියානු, චීන සහ ඉරාන නාවික හමුදාවන්ට අයත් යුද නාවික යාත්‍රා අද සිට අරාබි මුහුදේ ඕමාන් බොක්කෙහි චා බහාර් වරායේ සිට මෙහෙයුම් කරනු ලබන ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වන බව වාර්තා වේ.
"මුහුදු ආරක්ෂක තීරය" ලෙස නම් කර ඇති මෙම යුද අභ්‍යාසය අද සිට මාර්තු 15 දක්වා පැවැත්වීමට නියමිත අතර රටවල් තුනේම නාවික යාත්‍රා සහ ගුවන් යානා මෙම අභ්‍යාසයට සම්බන්ධ වන බවද වාර්තා වේ.
එලෙසම අසර්බයිජානය, ඉන්දියාව, කසකස්තානය, ඕමානය, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව යන රටවල හමුදා නියෝජිතයන් නිරීක්ෂකයින් ලෙස ශභාගි වන බවද පැවසේ.
“යුද අභ්‍යාසයේ ප්‍රායෝගික කොටස අරාබි මුහුදේ, විශේෂයෙන් ඕමාන් බොක්ක ආශ්‍රිතව සිදුවනු ඇත,” රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(11) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන්නේ සමුද්‍රීය ආර්ථික ක්‍රියාකාරකම්වල ආරක්ෂාව සහතික කිරීම බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාන්ංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පැවසුවේය.
රුසියානු පැසිෆික් බලඇණියේ නාවික යාත්‍රා අභ්‍යාසයට සහභාගි වී සිටින රුසියානු බලඇණිය සමන්විත වේ.
චීන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, මහජන විමුක්ති හමුදා නාවික හමුදාව (ඵ්ළැණ්) විසින් මඟ මිසයිල නාශක නෞකාවක් සහ මිසයිල ප්‍රහාරක නෞකාවක් සහ සැපයුම් නෞකාවක් අභ්‍යාසය සඳහා යොදවා ඇත.
මේ අතර ඉරාන නාවික හමුදාව හෙලිකොප්ටර් කිහිපයක් සහ විවිධ ප්‍රමාණයේ යාත්‍රා විශාල ප්‍රමානයක් අභ්‍යාසය සඳහා එක්කර ඇත.
"මුහුදු ආරක්ෂක තීරය" යුද අභ්‍යාසය 2019 දී මොස්කව්, බීජිං සහ ටෙහෙරානය අතර හවුල් ක්‍රියාදාමයක් ලෙස ආරම්භ විය.කෙසේ වුවද චීනයට 2021දී අභ්‍යාසය මග හැරී ගිය නමුත් එතැන් සිට පැවැත්වූ සෑම අභ්‍යාසයකටම සහභාගී වී ඇත.
2023 පැවැත්වූ අභ්‍යාසය අතරතුර, නාවික හමුදා ත්‍රිත්වය එක්ව යාත්‍රා කිරීමට කටයුතු කළ අතර, දිවා කාලයේ සහ රාත්‍රී කාලතුවක්කු ප්‍රහාර සම්බන්ධ අභ්‍යාසයේ යෙදුනි. එලෙසම මුහුදු කොල්ලකරුවන් විසින් රැගෙන ගිය නෞකාවකින් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සහ විපතට පත් නෞකාවකට සහාය වීම සම්බන්ධ අභ්‍යාසයක්ද කරනු ලැබීය.
අභ්‍යාසය පවත්වන ප්‍රදේශය පර්සියානු ගල්ෆ් ප්‍රදේශයට ඇතුල් වන ස්ථානයට ආසන්නව පිහිටා ඇති අතර, ලෝකයේ බොහෝ තෙල් නෞකා යාතාර කිරීම ආරම්භ වන්නේ මෙම ප්‍රදේශයෙනි. අරාබි අර්ධද්වීපයේ අනෙක් පැත්තේ, යේමනයේ වෙරළට ඔබ්බෙන්, එක්සත් ජනපදය සහ එහි සහචරයින් ඊශ්‍රායලය ආශ්‍රිත සමුද්‍ර වෙළඳාමට බාධා කරන හූතිවරුන් නැවැත්වීමේ උත්සාහයක් ලෙස යුධ නැව් කිහිපයක් යොදවා ඇත. එහෙත් ඔවුන් අසාර්ථක වූවා පමණක් නොව, හූතිවරු එම ප්‍රදේශයේ යාත්‍රා කරන බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු වෙළඳ යාත්‍රා ඔවුන්ගේ ඉලක්ක ලැයිස්තුවට එකතු කරගෙන තිබේ.
Russia, China and Iran launch joint naval exercise
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
