
ගෝඨාගේ පොතේ ඇත්ත වගේම නැත්තත් තියෙනවා... ආර්ථික අර්බූදයට රට තල්ලු කරපු ආණ්ඩුව ඇතුළේ සිටි කුමන්ත්‍රණකරුවන් ගැන සඳහන් වෙලා නැහැ - උදය ගම්මන්පිල
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළිදක්වන ලද ග‍්‍රන්ථය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අදහස් පළකරයි.
අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් පළ කළේය.
‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රචිත “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කියන පොතේ කිහිප තැනකම සෘජුව වගේම වක්‍රවත් අපි ගැන සඳහන් කරලා තිබෙන නිසා ඒවා ගැන ප්‍රශ්න කරමින් අපට දුරකතන ඇමතුම් එනවා. මම පොත නිකුත් වුණු දවසේම මිල දී අරගෙන සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඒකේ ඇත්ත වගේම නැත්තත් තිබෙනවා. ඒ වගේම බරපතල අමතක වීම්ත් තිබෙනවා. 66 වන පිටුවේ තිබෙනවා මුලින්ම විමල් සහ උදය අපෙන් වෙන් වී ගියා කියලා. ඒක බරපතල අමතක වීමක්. ඇත්තෙන්ම සිදු වුණේ අපි ඉවත් වුණා නොවේ අපිව ඉවත් කළා. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ඒ සිදුවීම එතුමාට අමතක වීම පුදුමයි. අපව ඉවත් කලේ හොරකම් මැරකම් කරලා නොවේ. රටත් ආණ්ඩුවත් බේරා ගන්න ගිහින්. ආර්ථික අර්බූදයක් එන බව අපි කිව්වාත් ඇහුව්වේ නැති නිසා බරපතල ආර්ථික අර්බූදයක් එන බවත් ඒක මග හැරීමට ගත යුතු මග මොකක්ද කියන එකත් සඳහන් පොතක් නිකුත් කරලා මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වීම තමයි අපි කරපු වරද. බොරු බිල්ලෝ මවලා ආණ්ඩුව අපහසුතාවයට පත් කලා කියලා තමයි අපිව අස් කලේ.
65 වන පිටුවේ සඳහන් ආකාරයට මට බැසිල් සමග කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නෑ. පෞද්ගලික ප්‍රශ්නයක් ඇති වෙන්න මම එතුමාගේ දියණියක් කසාද බඳින්න අහලා එතුමා බෑ කිව්වෙත් නෑ. මම මල්වානේ ඉඩමට අයිතිවාසිකම් කිව්වෙත් නෑ. මට එතුමා සමග තිබුණේ දේශපාලන ප්‍රශ්න විතරයි. මට බැසිල් සමග තිබුණාය කියන පෞද්ගලික ප්‍රශ්නය මොකක්ද කියන එකත් සඳහන් කලා නම් මටත් ඒක දැන ගන්න තිබුණා. නමුත් ණය අර්බූදය ඇති වුණු ආකාරය පිළිබඳ බටහිර රටවල් එතුමාගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කරපු ආකාරය යුද හමුදාපති සිය වගකීම පැහැර හැරීම පිළිබඳ එතුමා කියන කතා ඇත්ත. නමුත් අවාසනාවට අපි එහෙම කුමන්ත්‍රණයක් තිබෙන බව කියන විට ඒවාට ඇහුම් කන් දෙන්න ඒවාට එරෙහිව කටයුතු කරන්න එදා එතුමාට උවමනාවක් තිබුණේ නෑ. ඒ වගේම ආනයන සීමා කරලා විදේශ විනිමය ඉතිරි කිරීම ගැන ඉන්ධන සලාකයක් හඳුන්වා දී සැපයුම පාලනය කිරීම ගැන ඉන්ධන මිල ඉහළ දමා ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම ගැන අපි කියූ කරුණු කරන්න නොදී ආණ්ඩුව ආර්ථික අර්බූදයට තල්ලු කරපු ආණ්ඩුව ඇතුලේ සිටි කුමන්ත්‍රණකරුවන් ගැන මෙහි සඳහන් නොවීම පොතේ තිබෙන ලොකුම අඩුව විධියටයි මම දකින්නේ’
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
