ගෝඨාගේ පොතේ ඇත්ත වගේම නැත්තත් තියෙනවා... ආර්ථික අර්බූදයට රට තල්ලු කරපු ආණ්ඩුව ඇතුළේ සිටි කුමන්ත්‍රණකරුවන් ගැන සඳහන් වෙලා නැහැ - උදය ගම්මන්පිල
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළිදක්වන ලද ග‍්‍රන්ථය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අදහස් පළකරයි.
අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් පළ කළේය.
‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රචිත “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කියන පොතේ කිහිප තැනකම සෘජුව වගේම වක්‍රවත් අපි ගැන සඳහන් කරලා තිබෙන නිසා ඒවා ගැන ප්‍රශ්න කරමින් අපට දුරකතන ඇමතුම් එනවා. මම පොත නිකුත් වුණු දවසේම මිල දී අරගෙන සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඒකේ ඇත්ත වගේම නැත්තත් තිබෙනවා. ඒ වගේම බරපතල අමතක වීම්ත් තිබෙනවා. 66 වන පිටුවේ තිබෙනවා මුලින්ම විමල් සහ උදය අපෙන් වෙන් වී ගියා කියලා. ඒක බරපතල අමතක වීමක්. ඇත්තෙන්ම සිදු වුණේ අපි ඉවත් වුණා නොවේ අපිව ඉවත් කළා. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ඒ සිදුවීම එතුමාට අමතක වීම පුදුමයි. අපව ඉවත් කලේ හොරකම් මැරකම් කරලා නොවේ. රටත් ආණ්ඩුවත් බේරා ගන්න ගිහින්. ආර්ථික අර්බූදයක් එන බව අපි කිව්වාත් ඇහුව්වේ නැති නිසා බරපතල ආර්ථික අර්බූදයක් එන බවත් ඒක මග හැරීමට ගත යුතු මග මොකක්ද කියන එකත් සඳහන් පොතක් නිකුත් කරලා මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වීම තමයි අපි කරපු වරද. බොරු බිල්ලෝ මවලා ආණ්ඩුව අපහසුතාවයට පත් කලා කියලා තමයි අපිව අස් කලේ.
65 වන පිටුවේ සඳහන් ආකාරයට මට බැසිල් සමග කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නෑ. පෞද්ගලික ප්‍රශ්නයක් ඇති වෙන්න මම එතුමාගේ දියණියක් කසාද බඳින්න අහලා එතුමා බෑ කිව්වෙත් නෑ. මම මල්වානේ ඉඩමට අයිතිවාසිකම් කිව්වෙත් නෑ. මට එතුමා සමග තිබුණේ දේශපාලන ප්‍රශ්න විතරයි. මට බැසිල් සමග තිබුණාය කියන පෞද්ගලික ප්‍රශ්නය මොකක්ද කියන එකත් සඳහන් කලා නම් මටත් ඒක දැන ගන්න තිබුණා. නමුත් ණය අර්බූදය ඇති වුණු ආකාරය පිළිබඳ බටහිර රටවල් එතුමාගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කරපු ආකාරය යුද හමුදාපති සිය වගකීම පැහැර හැරීම පිළිබඳ එතුමා කියන කතා ඇත්ත. නමුත් අවාසනාවට අපි එහෙම කුමන්ත්‍රණයක් තිබෙන බව කියන විට ඒවාට ඇහුම් කන් දෙන්න ඒවාට එරෙහිව කටයුතු කරන්න එදා එතුමාට උවමනාවක් තිබුණේ නෑ. ඒ වගේම ආනයන සීමා කරලා විදේශ විනිමය ඉතිරි කිරීම ගැන ඉන්ධන සලාකයක් හඳුන්වා දී සැපයුම පාලනය කිරීම ගැන ඉන්ධන මිල ඉහළ දමා ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම ගැන අපි කියූ කරුණු කරන්න නොදී ආණ්ඩුව ආර්ථික අර්බූදයට තල්ලු කරපු ආණ්ඩුව ඇතුලේ සිටි කුමන්ත්‍රණකරුවන් ගැන මෙහි සඳහන් නොවීම පොතේ තිබෙන ලොකුම අඩුව විධියටයි මම දකින්නේ’
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්