News Category
From Date
To Date
Maximum Number of Result

ගෝඨාගේ විලාපය කෘතිය අසම්පූර්ණයි.... රෝග නිධානය වහලා... යුද අපරාධ චෝදනාවලට ලක්වූවන් රජයේ ඉහළ තනතුරු නොදැරිය යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස

Mar 10, 2024 at 09:25 PM
|

පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ 'ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' කෘතිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මගතා ලංකා ලීඩ් වෙබ් අඩවියට පවසා සිටියේ එම පොත අසම්පූර්ණ බවය. 

ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,

"පලාගිය ජනාධිපතිතුමන් සඳහන්කර තියෙනව ශවේන්ද්‍ර සහ කමල් මානව හිමිකම් කඩකලා යන චෝදනාවට කොපමණ සංවේදීව හිටියද යන වග මෙහි සම්පූර්ණ වගකීම පලාගිය ජනාධිපතිතුමා දැරිය යුතුයි. එතුමාට හරිමග ගැනීමට නොහැකිවන ලෙස උපදෙස් දුන්න නීතිය පිළිබඳ මහාචාර්‍යවර කේවට්ටාචාරීතුමා එහි මූලික වගඋත්තරකරුවෙක්. එතුමා තමයි ගෝඨාභය මැතිතුමාට උපදෙස් දුන්නෙ කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්ව, සරත් වීරසේකර ආදී 47 දෙනෙකුට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා එලෙසම පවතිද්දි ලබා දී ඇති ඳඬුවම් වලින් මුදවා ගැනීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව 'එන්ගෙර්ජ් කරගත යුතුයි' කියල. එබැවින් අප විසින් ගෝඨාභය ජනාධිපතිතුමා වෙත 'අපේ යුද විරුවන් පලමුව යුද අපරාධ චෝදනා වලින් නිදහස් කරගත යුතුයි, ඒ සඳහා ස්වාභාවික යුක්‍තිය නියමය භාවිතා කල යුතුයි' කියන යෝජනාව එතුමා එදා පිළිගත්තෙ නෑ. එදා ඒ කේවට්ටාචාරීතුමාගේ එන්ගේජ් තියරිය පිළිනොගෙන අප පෙන්වාදුන් පිළිවෙත අනුගමනය කරානම් 'මානව හිමිකම් කඩනොකරනු' යන කඹයෙන් අපේ හමුදාවේ සහ පොලීසියේ අත් ඇඹරීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ගෝඨාභය අප දුන්න උපදෙස පිළිබඳව කිසිදු සඳහනක් ඔහුගෙ කෘතියේ සඳහන් කර නැහැ. එබැවින් එම කෘතිය හුදු විලාපයක් පමණයි. යහපාලන රජය 2015 දී පිළිගත් අපේ යුද විරුවන් යුද අපරාධ කරුවන්ය යන පිළිගැනීම අදටත් වලංගුයි.

යුද අපරාධ චෝදනාලාභීන් රාජ්‍ය සේවයේ ඉහල තලවල සිටීම රටේ පැවැත්මට අහිතකර බවත්, ඔවුන්ව වහා එම තනතුරුවලින් නිදහස් කළ යුතු බවත් අප මීට පෙරත් පෙන්වා දුන්න. මෙය සත්‍යක් බව ගෝඨාභය මහතාගේ කෘතියෙන් ඔප්පුවී තියෙනව. තවදුරටත් රාජ්‍යයේ කටයුතු වලට බාහිර බලපෑම ඇතිවීම වැළක්වීම සඳහා ගෝඨාභය මහතා නිර්දේශ කර ඇති ක්‍රියා මාර්ග වලට අමතරව මේ යුද අපරාධ චෝදනා ඇති අය රාජ්‍ය සේවයෙන් නිදහස් කළ යුතුයි. නොඑසේනම් ඔවුන්ව හැසිරවීමේ හා එන්ගේජ් කරගැනීමේ හැකියාව පවතිනව. නැවතත් ඔවුන්ව ගෞරවාන්විතව රාජ්‍ය සේවයට ගත යුත්තේ 'ස්වභාවික යුක්තිය නියමය' පරිදි ඔවුන්ට ඇති සියළු යුද අපරාධ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කර ගත් පසුවයි. ඒ සඳහා මූලික වාර්තා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පෙරමුණ ගැනීමෙන් පත්කළ යුද විශේෂඥ වරුන්ගේ වාර්තා හත, අප විසින් 2017 දී ජිනීවාහි මානව හිමිකම් කොමිසමට බාරදෙන ලද විරුවන්ගේ විත්තිවාචකය සහ නෙස්බි සාමිවරයාගේ හෙළිදැක්වීම් භාවිතා කළ හැකියි. ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට මේ දිනවල ජිනීවාහී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට රජය විසින් යෝජනා කළ යුතුයි. ජිනීවා ගොස් මෙවර පාර්ලිමේන්තුවට පත්ව ඇති මංත්‍රීවරුන් ඔවුන් සේවය කරන්නාවු පක්ෂය කුමක් වුවද මේ සඳහා විශේෂ උනන්දුවකින් එක පාර්ෂවයක් ගෙන කටයුතු කළ යුතුයි."

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.