News Category
From Date
To Date
Maximum Number of Result

සජිත් අගමැතිකම භාරගන්න බැහැ කිව්වා... ෆොන්සේකාත් භාරගත්තේ නැහැ... රනිල් පැකිලීමක් නැතුවම භාරගත්තා - ගෝඨාභයගේ කෘතියෙන් කියයි

Mar 8, 2024 at 11:35 AM
|

ජාත්‍යන්තර බලවේග ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් නෙරපාහැරීමේ කුමන්ත්‍රණයට විවෘතව සහාය දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුල්වරට අනාවරණය කළේය.

විදේශ බලවේග සහ ඇතැම් දේශීය පාර්ශ්ව මා ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා ප්‍රචණ්ඩ විරෝධතා සහ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කළ බව ද ඒ මහතා වැඩිදුරටත් හෙළිකර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් ජනාධිපති ධුරයෙන් නෙරපීමට හේතු පාදක වූ සිද්ධීන් සම්බන්ධයෙන් මුල්වරට හෙළිදරව් කරනු ලැබුවේ ඒ මහතා විසින් රචනා කර ඊයේ පිටකරනු ලැබූ ජාත්‍යන්තර අනුග්‍රහයෙන් “රෙජීම් චේන්ජ්” මෙහෙයුමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු වූ හැටි තේමාව කරගත් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නම් වූ ග්‍රන්ථය තුළින්ය.

මෙම ග්‍රන්ථය ඊයේ (07දා) එළි දැක්වීය. ගෝඨාභය රාජපක්‍ෂ බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ කළ හෙළිදරව් කිරීම් අලලා රචිත මෙම කෘතියේ තවදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

ඇතැම් බලවත් රටවල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යයේ මුරදේවතාවන් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටිය ද ඔවුන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම නොව ඔවුන්ගේ අවශ්‍යතාවන් මුදුන්පමුණුවා ගැනීම සඳහා කටයුතු කිරීමයි.

සංවර්ධනය වෙමින් පවතින ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ඇති විශාලම තර්ජනය වන්නේ ඊනියා අධිකාරිවාදී පාලන ක්‍රම සහිත රටවලින් නොව නිරන්තරයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන මුළු ලෝකයටම දේශන පවත්වන සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සහ ඔවුන්ගෙන් වැටුප් ලබන දේශීය ඒජන්තවරුන්ගෙන් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මෙම කෘතිය හරහා පෙන්වා දෙයි.

මෙම කෘතියේ සඳහන් ඡේද අතර කිහිපයකි මේ.

"එදා රටේ පැවැති ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත්කිරීමේ අවශ්‍යතාවයක් මතු විය. එම නිසා මම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව රට පාලනය කළ නොහැකි බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. ඉන් පසු මම සරත් ෆොන්සේකාට කතාකර අගමැතිකම භාර ගන්නා මෙන් ඔහුට ආරාධනා කර සිටියෙමි. ඔහු මට කීවේ, මම ඔහුව අගමැති හැටියට පත්කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර එතනින් එහාට කටයුතු ඉදිරියට ගෙන යමුය කියාය. ඔහුට පිරිනමනු ලැබූ තනතුර ඔහු එක්වර පිළිගත්තේ නැත.

ඒ වනවිට තිබුණේ කැබිනට් මණ්ඩලයක් නොමැතිව රටට පාලන අධිකාරියක් නොමැති තත්ත්වයක්ය. ඒ අතරතුර, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මා හමුවීමට පැමිණ ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත්කර පසුව ජනාධිපති ධුරයෙන් මා ඉල්ලා අස්වන්නේ නම් පමණක් අගමැති ධුරය භාර ගැනීමට කැමති බව මට දන්වා සිටියේය. එම කොන්දේසිය පිළිගැනීමට මම සූදානම් නොවූයෙමි. මම එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුට ආරාධනා කළ විට, කිසිදු පැකිලීමකින් තොරව ඔහු එම ධුරය භාර ගත්තේය. එම නිසා මම එතුමාව නව අගමැති ලෙස පත් කළෙමි.

2022 මාර්තු 31 වැනි දින රාත්‍රියේ මගේ පෞද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණය නිසා මට වැඩි ආරක්‍ෂාව සඳහා ජනාධිපති මන්දිරයේ පදිංචියට යෑමට සිදු විය. නායකයන් වෙනසක් ඇති කිරීමට උත්සාහ කරන විට, මහජනතාව ද එයට සහාය දිය යුතුය. නැතහොත් සියල්ල ගමන් කරනුයේ ආපස්සටය. 2022 සිදුවීම් වලින් පසුව, තමන්ගේ ආරක්‍ෂාව කෙසේ වෙතත් තම අසල්වාසීන්ගේ ආරක්‍ෂාව ගැන සිතාවත් කිසිදු නායකයෙකු ජනාධිපති, අගමැති හෝ ඇමැති වැනි ධුරයට පත්වීමෙන් පසු තමන්ගේ පෞද්ගලික නිවාස වල දිගටම ජීවත් නොවනු ඇත.

එදා කොළඹ වරායෙන් පිටත් වූ අපි ත්‍රිකුණාමලයට ගොස් නාවික හමුදා කඳවුරේ රාත්‍රිය ගතකර පසුදා හෙලිකොප්ටරයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ දෙවැනි රාත්‍රිය ගුවන් හමුදා කඳවුරේ ගත කළෙමු. පසුදා රාත්‍රියේ අපි ගුවන් හමුදා ගුවන්යානයකින් මාලදිවයිනට පියාසර කර 2022 ජූලි 12 වන දින අලුයම 3.00ට පමණ මාලේ අගනුවර වෙත ළඟා වූයෙමු. මාලේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි දූපතක හෝටලයක මට නවාතැන් දීමට මාලදිවයින් රජය කටයුතු කර තිබූ අතර අපි බෝට්ටුවෙන් එම හෝටලයට ළඟාවන විට උදෑසන වී තිබුණි. එතැනින් පෞද්ගලික ගුවන්යානයකින් අපි සිංගප්පූරුව බලා යෑමට සැලසුම් කර තිබුණත්, ඉන්දීය බලධාරීන් මෙම පෞද්ගලික ගුවන්යානයට මාලේ බලා යෑමට අවසර දී තිබුණේ නැත. එම නිසා වාණිජ ගුවන් යානයකින් සිංගප්පූරුවට යෑම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගන්නා මෙන් මම උපදෙස් දුන්නෙමි. ඒ අනුව අපි සෞදි ගුවන් සේවයේ ගුවන්යානයකින් සිංගප්පූරුවට ගියෙමු.

මාලදිවයින් රජය මට හෝටලයේ සිට ගුවන්තොටුපළට යෑමටත් එතැන් සිට සිංගප්පූරුවට යෑමටත් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණි. මා සමඟ මගේ බිරිඳ සහ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද ගමනට එක්වී සිටියහ. මාලදිවයිනේ සිටි අවස්ථාවේ දී මා රටින් පිට සිටින නිසා මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කළෙමි. සිංගප්පූරුවේදී මා ඇතුළු පිරිස ගුවන්තොටුපළේ දී පිළිගෙන හෝටලයකට රැගෙන යනු ලැබූ අතර එහිදී මා නවාතැන් ගන්නා තට්ටුව සුරක්ෂිත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි. සිංගප්පූරුවට පැමිණීමෙන් පසු දේශපාලන පක්‍ෂ නායකයන් මගෙන් කළ ඉල්ලීමට ගරුකරමින් ඉදිරි දින කිහිපයේ දී මම ජනාධිපති ධුරයෙන් ඉවත්වන බව මම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දුන්නෙමි. ඒ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබාදීමට මම හිත හදාගෙන තිබුණේ රටේ නීතිය හා සාමය යළි ස්ථාපිත කළ හැකි එකම පුද්ගලයා ඔහුය යන නිගමනයට මා පැමිණ සිටි නිසාය.

ජූලි 21 වැනිදා නව ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන්නේය. ජනාධිපතිවරයා ලෙස ඔහු මුලින්ම පිවිසුණු රාජ්‍ය ආයතනය වූයේ බත්තරමුල්ලේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානයයි. පසුදා පහන්වීමට පෙර ගාලුමුවදොර ඉතිරිව සිටි විරෝධතාකරුවන් පළවාහැර, එහි තිබුණු කූඩාරම් සියල්ල ඉවත්කර, ඊනියා අරගලය අවසන් කර තිබිණි.

අධිෂ්ඨානශීලී විදේශ බලවේග සහ ඇතැම් දේශීය පාර්ශ්ව මා ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා ප්‍රචණ්ඩ විරෝධතා සහ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කරමින්, ඒ සඳහා මූල්‍යාධාර ලබා දෙමින් කටයුතු කරමින් සිටි අතර මා බලයේ සිටින තාක්කල් ඒවා නතර නොවන බව ද මා දැන සිටියේය. මේ අනුව ජනතාවට තවත් කඩාකප්පල්කාරී ක්‍රියා, තවත් භාණ්ඩ හිඟයන්, තවත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ උද්ඝෝෂණ විඳදරා ගැනීමට සිදුවනු ඇති අතර කෝවිඩ් – 19 වසංගතය පාලනය කළ පසුවවත් රට සාමාන්‍ය තත්ත්වයට පත් නොවනු ඇත. මා ඉල්ලා අස්වන විට මගේ ධුර කාලයෙන් අඩකටත් වඩා අඩු කාලයක් ඉතිරිව තිබූ අතර තවත් වාරයකට මා තරග නොකරන බවට මා බොහෝ කලක සිට තීරණය කර තිබූ නිසා ද ජනතාව තවත් අපහසුතාවට පත්කරමින් මගේ ධුරයේ ඉතිරි කාලය තුළ රැඳී සිටීමේ සටනක නියැළීමේ තේරුමක් නැති විය.

එස්අයිඑස් ආයතනයේ මව් සංවිධානය වූ එන්අයිබීයේ ඉහළ තනතුරුවල හමුදා නිලධාරීන් සේවය කළ ඉතිහාසයක් ද විය. සලේ එස්අයිඑස් ආයතනයේ නායකත්වය භාර ගැනීමෙන් පසු කෙටි කාලයක් ඇතුළත කෝවිඩ් – 19 වසංගතය ශ්‍රී ලංකාව ගිල ගත් අතර, සෞඛ්‍ය බලධාරීන්ට කිරීමට අපහසු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සෙවීම වැනි කෝවිඩ් – 19 පාලන ක්‍රියාකාරකම්වලට එස්අයිඑස් ආයතනය ද සම්බන්ධ විය. එවකට රට පුරා කෝවිඩ් – 19 පැතිරීම පිළිබඳ වාර්තා බොහොමයක් එස්අයිඑස් ආයතනය විසින් සම්පාදනය කරන ලද අතර ඔවුන් මෙම ආපදා තත්ත්වය තුළ ඔවුන්ගේ රාජකාරි හොඳින් ඉටු කළහ.

එස්අයිඑස් ආයතනය විසින් සපයන බුද්ධි තොරතුරු දේශපාලන සහ සමාජ තත්ත්වයන්, විදේශ මැදිහත්වීම් සහ භූ දේශපාලනික සාධක පවා සැලකිල්ලට ගනිමින් සකස් කරන පුළුල් චිත්‍රය ගෙනහැර දක්වමින් සපයන තොරතුරු විය යුතුය. ත්‍රස්තවාදයට එරෙහි යුද සමයේ දී කලින් පැවැති එන්අයිබී ආයතනයේ සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් එකිනෙකා සමග සාමාන්‍යයෙන් හොඳන් වැඩ කළ ද, සාම කාලය තුළ එම සහයෝගිතාවය දිගටම පැවතුණේ ද යන්න ගැටලු සහගතය.

නීතිපති දෙපාර්තමේන්තුව සන්නද්ධ සේවාවන්හි නීති අංශ ප්‍රධානීන් සමග එක්ව කැරලි කෝලාහල සහ සිවිල් නොසන්සුන්තාවය පවතින අවස්ථාවන්හිදී හමුදා නිලධාරීන්ට භාවිත කළ හැකි අධිකාරි බලය පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් සකස් කර තිබුණ ද එම උපදෙස් හමුදාවේ පහළ මට්ටම්වලට සන්නිවේදනය කර තිබුණේ නැත.

එදා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා ඇතැම් අවස්ථාවල ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් නොතකමින් කටයුතු කළ අවස්ථා තිබුණි. ආරක්‍ෂක ලේකම්වරයා ලෙස මා සතුව තිබූ පාලන බලය කමල් ගුණරත්නට මේ හේතු නිසා නොතිබෙන්නට ඇත. යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යන තනතුරු දෙකම එක පුද්ගලයකු විසින් දරනු ලැබීම ද ගැටලුවක් විය. මූලධර්මයක් ලෙස, එම තනතුරු ඒකාබද්ධ නොකළ යුතුය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින් සිටින නිලධාරියකු විය යුතුය.

2022 විරෝධතාකරුවන් සතුව ගිනි අවි තිබුණේ නැත. ඔවුන්ගෙන් සමහරෙක් උපරිමයෙන් පොලුවලින් හෝ කඩුවලින් සන්නද්ධව සිටින්නට ඇත. එවැනි තත්ත්වයන් තුළ කැරලි පාලනය කිරීමට බොහෝ ක්‍රම ඇත. ජීවිත හා දේපළවලට හානිවීමේ අවදානමක් නොමැති නම්, එවන් කළහකාරීන් පාලනය කිරීමට වෙඩි තැබීම කිසි විටෙකත් සිදු නොවිය යුතුය. විශේෂයෙන්ම පොලිසියට, විශේෂ කාර්ය බළකායට, හමුදාවට පවා මෙවැනි සෙනඟ පාලනය කිරීම ක්‍රියා මාර්ග පිළිබඳ පුහුණුවක් ලබාදී තිබේ.

ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදා අණදෙන නිලධාරීන් සහ පොලිස්පතිවරයා මෙවැනි තත්ත්වයන්ට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා සැලැස්මක් සකස් කළ යුතුව තිබිණි. නමුත් මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට ඇති ක්‍රම කිසිවක් භාවිත වූයේ නැත.

අපි 2022 මුල් භාගයේ පැවති තත්ත්වය 1987 සහ 1989 අතර පැවැති තත්ත්වය සමග සංසන්දනය කළහොත්, 2022 මුල් කාර්තුවේ අපට තිබුණේ ගෑස් සහ ඉන්ධන හිඟය හා ‘විදුලි කප්පාදුව නිසා විරෝධතාකරුවන් වීදි බැස සිටින තත්ත්වයකි. ඔවුන්ට මුවා වී බල පෙරළියක් ඇති කිරීමට මාන බලන ප්‍රචණ්ඩත්වය මුසු වූ දේශපාලන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක විය.

රටේ ව්‍යවස්ථානුකූල පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට පණිවිඩයක් හමුදාවේ ඉහළ සිට සාමාන්‍ය හමුදා නිලධාරියා දක්වා ගියේ නැත. සේනාංක අණදෙන නිලධාරීන් වැනි ඉහළ නිලධාරීන්ටවත් එම පණිවිඩය සන්නිවේදනය වී තිබුණා යැයි මම නොසිතමි.

ප්‍රචණ්ඩ කණ්ඩායම් මිනිසුන් ඝාතනය කිරීම හෝ ගෙවල් ගිනි තැබීම් සිදුකරන සෑම සිද්ධියක් පාසාම ඒවා නතර කරන ලෙස පොලිසියට සහ සන්නද්ධ සේවාවලට උපදෙස් ලබාදිය යුතු නැත. සාමාන්‍ය මහජනතාවට පවා එවැනි දේ වැළැක්වීමට පියවර ගැනීමට නීතියෙන් අවසර ඇත. එම මූලික දැනුවත් කිරීම පවා භූමියේ සිටින පොලිසියට හා හමුදා නිලධාරීන්ට ලබා දී තිබුණේ නැත. එබැවින් පොලිසියේ සහ හමුදාවේ ඉහළ සිට පහළට ව්‍යාකූලත්වය රජ වූ බව අපට පෙනේ. එසේ නොවිය යුතුව තිබිණි.

මා බලයට පත් වූ දා සිටම රට තුළ අමුතු දේවල් සිදු විය. මුලින්ම කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවක් පැහැරගෙන ගොස් පහරදුන් බවට චෝදනාවක් මගේ ආණ්ඩුවට එල්ල විය. එය සම්පූර්ණ බොරුවක් බව ඉක්මනින්ම හෙළි විය. තානාපති කාර්යාලයක සුළු රැකියාවක් කරන පුද්ගලයකු කුමක් හෝ බලගතු පාර්ශ්වයක අනුග්‍රහය සහිතව මිස එවැනි බොරු රඟපෑමක් තනිව සැලසුම් කරාවි යැයි සිතන්නට අපහසුය. කෝවිඩ් – 19 වසංගතය අවසන් වනතුරු බලා සිටිය නොහැකි බවත්, අවුරුදු විසි ගණනක් මුළුල්ලේ පැවැති වැටුප් විෂමතා සඳහා වහාම සහන අවශ්‍ය බවත් පවසමින් ගුරුවරු වැඩ වර්ජනයක් ආරම්භ කළහ. ඉන් පසු රට පුරා ගෑස් පිපිරීම් ඇති විය. ඉන් පසු එරොෆ්ලොට් ගුවන් යානයක් ලංකාවේ දී රඳවා ගනු ලබන්නේ රුසියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටි අවස්ථාවකය. තනි සිද්ධීන් ලෙස හෝ සිද්ධිදාමයක් ලෙස ගත්ත ද, මේ කිසිවක් අහඹු සිදුවීම් විය නොහැක."

තමා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තම ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම් සිංහලයන් හා සිංහල බෞද්ධයන් තම රට තුළම අවමානයට ලක් වී දෙවන පෙළට වැටී තිබීම, රටේ ණය ගැතිභාවය හා ආර්ථික පිරිහීම, ජාතික ආරක්‍ෂාව බිඳවැටීම එම කරුණු 3යි. මෙම නොවිසිඳුණු ගැටලු අනාගතයේ වෙනත් නායකයකුට විසඳීමට සිදුවනු ඇත. මගේ බලවත් ප්‍රාර්ථනාව ශ්‍රී ලංකාව මෙම නායකයා සොයාගනු ඇතිය යන්නය යැයි රාජපක්‍ෂ මහතා තම කෘතිය සමාප්ත කර තිබේ.

එකල ගන්නා ලද ආර්ථික විසඳුම් ගණනාවක් ගැන ද එහි රාජපක්‍ෂ මහතා විස්තර කර තිබේ.

හේමන්ත රන්දුණු
– Divaina

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.