මුල්වරට එළියට ආ මහ බැංකු ලොක්කන්ගේ ලොකු පඩි ලැයිස්තුව මෙන්න
මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.
ඒ එම වැටුප් වැඩිවීම් අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාවේදීය.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂයේ සිට රුපියල් 17 ලක්ෂය දක්වාද වැඩිකර ඇති බවත් එහිදී අනාවරණ විය.
ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ වැටුප් වැඩිවී ඇත්තේ කෙසේ ද යන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට පැහැදිළි කළේය.
කාර්යාල සහායක පන්තියේ පළමු ශ්‍රේණියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහස් හත්සිය හැත්තෑ තුනකි.
නව වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් එක්ලක්ෂ අසූඅට දහස් අටසිය විසිහතක් දක්වා ඉහළ යයි.
එය රුපියල් හතළිස්තුන්දහස් පනස් හතරක වැඩිවීමකි.
එමෙන්ම එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා ද වැටුප් වැඩි වී ඇති අතර කාර්යාල සහායක තුන්වැනි පන්තියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හැටහතර දහස් හයසිය තිස්හතරේ සිට රුපියල් දෙලක්ෂ විසිතුන්දහස් හත්සිය හැට තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය රුපියල් පනස් නවදහස් එකසිය විසි නවයක වැඩිවීමකි.
කළමනාකාර සහකාර පන්තියේ ශ්‍රේණි 05ක් සඳහා ද වැටුප් වැඩිකර තිබේ.
එහි පළමු පන්තියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හැත්තෑ තුන්දහස් නවසිය පනස් තුනකි.
එය රුපියල් දෙලක්ෂ හතළිස් එක්දහස් හයසිය විසි තුනක් දක්වා ඉහළ නංවා ඇති අතර එය හැටහත්දහස් හයසීය හැත්තෑවක වැඩිවීමකි.
කළමනාකාර සහකාර පන්තියේ පස්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහස් අටසිය නවයක් වන අතර එය රුපියල් හාරලක්ෂ විසි එක්දහස් එකසිය අසූ හතරක් දක්වා ඉහළ නැංවෙයි
එම වැඩිවීම රුපියල් එක්ලක්ෂ හතලිස් අටදහස් තුන්සිය හැත්තෑපහක මුදලකි.
එමෙන්ම ඉහළ ප්‍රතිශතවලින් වැටුප් ඉහළ නැංවුණු තවත් කාණ්ඩයක් වන්නේ මාණ්ඩලික පන්තියයි.
එහි පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් තුන් ලක්ෂ තිස්එක්දහස් පන්සිය හැත්තෑ හතරකි.
මෙම වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් පන්ලක්ෂ විසිහයදහස් හයසිය හතළිස් අට දක්වා ඉහළ ගොස් තිබේ.
එලෙස ඉහළ ගිය ප්‍රමාණය රුපියල් එක්ලක්ෂ අනූපන්දහස් හැත්තෑ හතරකි.
එම මාණ්ඩලික පන්තියේ තවත් ශ්‍රේණි හතරක් සඳහා ද වැටුප් ඉහළ නංවා තිබේ.
ඒ අනුව මාණ්ඩලික පන්තියේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මාසික දළ වැටුප රුපියල් හයලක්ෂ හයදහස් දෙසිය විසිහතේ සිට රුපියල් දසලක්ෂ හතළිස් නවදහස් හාරසිය තිහක් වැනි ඉහළ අගයක් දක්වා වැඩි වී ඇති අයුරු දැක ගත හැකිය.
එය රුපියල් හාරලක්ෂ හතලිස් තුන්දහස් දෙසිය තුනක වැඩි වීමකි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණිය යටතේ සහාකාර අධිපතිවරයෙකුගේ වැටුප වැඩි වී ඇත.
ඒ අනුව රුපියල් හත්ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ තුනක් වු සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් දොළොස් ලක්ෂ හැටහත් දහස් එකසිය හැත්තෑවක් දක්වා ඉහළ නංවා තිබේ.
එය රුපියල් පන්ලක්ෂ පනස් දහස් තුන්සිය අනු හතක වැඩිවීමකි.
මාණ්ඩලික පන්තිය යටතේ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂ හැත්තෑ හයදහස් හයසිය හැට දෙකක් වූ අතර නව වැටුප් වැඩිවීමත් සමග එම මාසික දළ වැටුප රුපියල් දාහත් ලක්ෂ විසිඅටදහස් හාරසිය දහනවයක් දක්වා ඉහළ නංවා තිබේ.
එම වැටුප් වැඩි වීම රුපියල් හත්ලක්ෂ පනස් එක්දහස් හත්සිය පනස් හතකි.
එමෙන්ම සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප ද ඉහළ අගයකින් වැඩි කර ඇති අයුරු දැකගත හැකිය.
සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් හාරලක්ෂ තිස්හතර දහස් හැත්තෑ පහක් වූ අතර එය රුපියල් අටලක්ෂ දොළොස් දහස් අනුපහක් දක්වා රුපියල් තුන්ලක්ෂ හැත්තෑ අටදහස් විස්සකින් වැඩිකර තිබේ.
එමෙන්ම නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් පන්ලක්ෂ අසූ හතර දහස් හත්සිය හැත්තෑ පහකි.
එම මූලික වැටුප රුපියල් එකොළොස් ලක්ෂ පන්දහස් හතළිස් පහ දක්වා ඉහළ නංවා ඇත්තේ රුපියල් පන්ලක්ෂ විසිදහස් දෙසිය හැත්තෑවක් වැනි ඉහළ අගයකිනි.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්