
මුල්වරට එළියට ආ මහ බැංකු ලොක්කන්ගේ ලොකු පඩි ලැයිස්තුව මෙන්න
මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.
ඒ එම වැටුප් වැඩිවීම් අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාවේදීය.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂයේ සිට රුපියල් 17 ලක්ෂය දක්වාද වැඩිකර ඇති බවත් එහිදී අනාවරණ විය.
ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ වැටුප් වැඩිවී ඇත්තේ කෙසේ ද යන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට පැහැදිළි කළේය.
කාර්යාල සහායක පන්තියේ පළමු ශ්‍රේණියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහස් හත්සිය හැත්තෑ තුනකි.
නව වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් එක්ලක්ෂ අසූඅට දහස් අටසිය විසිහතක් දක්වා ඉහළ යයි.
එය රුපියල් හතළිස්තුන්දහස් පනස් හතරක වැඩිවීමකි.
එමෙන්ම එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා ද වැටුප් වැඩි වී ඇති අතර කාර්යාල සහායක තුන්වැනි පන්තියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හැටහතර දහස් හයසිය තිස්හතරේ සිට රුපියල් දෙලක්ෂ විසිතුන්දහස් හත්සිය හැට තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය රුපියල් පනස් නවදහස් එකසිය විසි නවයක වැඩිවීමකි.
කළමනාකාර සහකාර පන්තියේ ශ්‍රේණි 05ක් සඳහා ද වැටුප් වැඩිකර තිබේ.
එහි පළමු පන්තියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හැත්තෑ තුන්දහස් නවසිය පනස් තුනකි.
එය රුපියල් දෙලක්ෂ හතළිස් එක්දහස් හයසිය විසි තුනක් දක්වා ඉහළ නංවා ඇති අතර එය හැටහත්දහස් හයසීය හැත්තෑවක වැඩිවීමකි.
කළමනාකාර සහකාර පන්තියේ පස්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහස් අටසිය නවයක් වන අතර එය රුපියල් හාරලක්ෂ විසි එක්දහස් එකසිය අසූ හතරක් දක්වා ඉහළ නැංවෙයි
එම වැඩිවීම රුපියල් එක්ලක්ෂ හතලිස් අටදහස් තුන්සිය හැත්තෑපහක මුදලකි.
එමෙන්ම ඉහළ ප්‍රතිශතවලින් වැටුප් ඉහළ නැංවුණු තවත් කාණ්ඩයක් වන්නේ මාණ්ඩලික පන්තියයි.
එහි පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් තුන් ලක්ෂ තිස්එක්දහස් පන්සිය හැත්තෑ හතරකි.
මෙම වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් පන්ලක්ෂ විසිහයදහස් හයසිය හතළිස් අට දක්වා ඉහළ ගොස් තිබේ.
එලෙස ඉහළ ගිය ප්‍රමාණය රුපියල් එක්ලක්ෂ අනූපන්දහස් හැත්තෑ හතරකි.
එම මාණ්ඩලික පන්තියේ තවත් ශ්‍රේණි හතරක් සඳහා ද වැටුප් ඉහළ නංවා තිබේ.
ඒ අනුව මාණ්ඩලික පන්තියේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මාසික දළ වැටුප රුපියල් හයලක්ෂ හයදහස් දෙසිය විසිහතේ සිට රුපියල් දසලක්ෂ හතළිස් නවදහස් හාරසිය තිහක් වැනි ඉහළ අගයක් දක්වා වැඩි වී ඇති අයුරු දැක ගත හැකිය.
එය රුපියල් හාරලක්ෂ හතලිස් තුන්දහස් දෙසිය තුනක වැඩි වීමකි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණිය යටතේ සහාකාර අධිපතිවරයෙකුගේ වැටුප වැඩි වී ඇත.
ඒ අනුව රුපියල් හත්ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ තුනක් වු සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් දොළොස් ලක්ෂ හැටහත් දහස් එකසිය හැත්තෑවක් දක්වා ඉහළ නංවා තිබේ.
එය රුපියල් පන්ලක්ෂ පනස් දහස් තුන්සිය අනු හතක වැඩිවීමකි.
මාණ්ඩලික පන්තිය යටතේ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂ හැත්තෑ හයදහස් හයසිය හැට දෙකක් වූ අතර නව වැටුප් වැඩිවීමත් සමග එම මාසික දළ වැටුප රුපියල් දාහත් ලක්ෂ විසිඅටදහස් හාරසිය දහනවයක් දක්වා ඉහළ නංවා තිබේ.
එම වැටුප් වැඩි වීම රුපියල් හත්ලක්ෂ පනස් එක්දහස් හත්සිය පනස් හතකි.
එමෙන්ම සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප ද ඉහළ අගයකින් වැඩි කර ඇති අයුරු දැකගත හැකිය.
සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් හාරලක්ෂ තිස්හතර දහස් හැත්තෑ පහක් වූ අතර එය රුපියල් අටලක්ෂ දොළොස් දහස් අනුපහක් දක්වා රුපියල් තුන්ලක්ෂ හැත්තෑ අටදහස් විස්සකින් වැඩිකර තිබේ.
එමෙන්ම නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් පන්ලක්ෂ අසූ හතර දහස් හත්සිය හැත්තෑ පහකි.
එම මූලික වැටුප රුපියල් එකොළොස් ලක්ෂ පන්දහස් හතළිස් පහ දක්වා ඉහළ නංවා ඇත්තේ රුපියල් පන්ලක්ෂ විසිදහස් දෙසිය හැත්තෑවක් වැනි ඉහළ අගයකිනි.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
