රුසියානු විශේෂ නියෝජිතයෝ පිරිසක් දිල්ලියේ සිට දිවයිනට - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan
ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රියාවලිය සහ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාව ශක්තිමත් කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා පවසයි.
මාර්තු 4 වැනිදා දිනයේදී විශාල රුසියානු නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, දිල්ලියේ සිට පැමිණෙන එම දූත පිරිසේ කොටසක් මෙරට අමාත්‍යවරුන් සහ පෞද්ගලික ව්‍යාපාර හිමියන් හමුවනු ඇති බවත් ඒ මහතා පවසයි.
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 60කට අධික පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණිම සහ ඔවුන්ගේ දූත මෙහෙවරෙන් පසු තත්ත්වය පිළිබඳව Levan S. Dzhagaryan මහතා සමග කළ සංවාදයක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා පැවැති සංවාදයේ කොටසක් පහළින් දැක්වෙන අතර, සම්පූර්ණ සංවාදය බලාපොරොත්තු වන්න...
ප්‍රශ්නය: රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 60කට අධික පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන්ගේ දූත මෙහෙවරෙන් පසු තත්ත්වය රුසියානු-ශ්‍රී ලංකා සබඳතාවලට සතුටුදායක අයුරින් වර්ධනය වී තිබේද? මෙම රුසියානු මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
අතිගරු Levan S. Dzhagaryan මහතා: ඔව්, එය පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සාමාජිකයින් 60 දෙනෙකුගෙන් සමන්විත විශාල නියෝජිත පිරිසක් විය. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ තවත් වැදගත් අමාත්‍යාංශ ඇමැතිවරුන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවිය. ඒ වගේම අපි ව්‍යාපාරික කවුන්සිලයේ සාමාජිකයන් හමුවුණා. අපි ශ්‍රී ලංකා රජයට යෝජනා කිහිපයක් දුන්නා. අපගේ යෝජනා ශ්‍රී ලංකා රජය විසින් සලකා බලනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි ශ්‍රී ලංකාවෙන් යම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමු. මේ වසරේ මාර්තු 4 වැනිදා එනම් ලබන සඳුදා දිනයේදී විශාල රුසියානු නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. දිල්ලියේ සිට පැමිණෙන දූත පිරිසේ කොටසක් සහ ඔවුන් සමහර අමාත්‍යවරුන් සහ පෞද්ගලික ව්‍යාපාර හිමියන් හමුවනු ඇත. ඔවුන් ප්‍රවාහන අමාත්‍යාංශය, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය, වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය ආදී විවිධ අංශවල නියෝජිතයන් හමුවනු ඇත. එබැවින් අපි ක්‍රියාවලිය සහ ප්‍රගතිය සමීපව අනුගමනය කරන අතර අපගේ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාව ශක්තිමත් කිරීමට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු. දැන් රුසියානු සංචාරකයින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔවුන් ඔබේ ආර්ථිකයට විදේශ මුදල් පොම්ප කිරීම ඔබේ ආර්ථිකය නංවාලීමට ඉතා ප්‍රයෝජනවත් වේ යැයි මම සිතමි.
ප්‍රශ්නය: රුසියානු පෞද්ගලික ව්‍යාපාරික සමාගම ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර සහ කර්මාන්ත සඳහාද ආයෝජනය කරයිද?
අතිගරු Levan S. Dzhagaryan මහතා : වටමේස සාකච්ඡාවට රුසියානු පෞද්ගලික ව්‍යාපාරික අයිතිකරුවන් ද සහභාගී වේ. අපි බලමු ප්‍රගතිය මොකක්ද කියලා. ඊළඟ මට්ටමේ සාකච්ඡාවට සහ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට එකඟතාව ඉතා වැදගත් බව අවධාරණය කිරීමට මම කැමැත්තෙමි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්