
පිළිකා ඖෂධ 60%ක් ගෙන්වන්නේ ලියාපදිංචි නොකළ ආයතන - සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයෙන් අනාවරණයක්
පිළිකා රෝගීන් සඳහා ගෙන්වන ඖෂධවලින් සියයට 60 ක්ම ලියාපදිංචි නොකළ ආයතනවලින් ගෙන්වන ඖෂධ බවට තහවුරු වී ඇති බව සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පවසයි.
එම නිසා පිළිකා ඖෂධ මිලදී ගැනීමේදී එම ඖෂධය, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධයක් දැයි සැක හැර දැන ගෙන මිලදී ගත යුතු බව ඒ මහතා සඳහන් කළේය.
එසේම ආනයනය කරන ඖෂධ නියමිත ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කළ ඒවා දැයි සොයා බැලීම සඳහා රසායනාගාරයක් ශ්‍රී ලංකාව සතුව නැති වීමෙන් ලියාපදිංචියෙන් තොර ඖෂධ මෙරටට පැමිණීමේ එම තත්ත්වය වර්ධනය වී ඇති බව ද ඒ මහතා පැවසීය.
තවද පිළිකා ඖෂධ හොර පාරෙන් ගෙන්වා අලෙවි කිරීමේ මගඩියක් ද මේ වන විට රටේ පැතිර යන බවට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් එවැනි පුද්ගලයන් ගෙන්වන ඖෂධ නියමිත උෂ්ණත්වය සහ අවශ්‍ය නිර්දේශවලට අනුකූලව නොගෙන්වන ඒවා බවත් ඒ මහතා සඳහන් කළේය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
