
පළාත් සභාවලින් පොලිස් බලය ගැලෙව්වාට බෙදුම්වාදී මාර්ග සිතියම වෙනස් වෙන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 13 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම මුල්කරගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සහ ඊට සමගාමීව ජනාධිපතිවරයා විසින් පළාත්වලට පොලිස් බලය හැර සෙසු බලතල ලබාදිය හැකි බව සඳහන් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"ඕක හරියට යකාගේ නියපොතු කපල දැන් භයානක නැහැ කියල කියනව වගේ රැවටීමක් සහ ගොන් වැඩක්. බෙදුම්වාදීන් ඒකට එකඟවන්නේ පොලිස් බලතල නැතුව 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම අවුලක් නැහැ කියලා ජාතික බලවේග ගොනාට ඇන්දවීමටයි.
13 වැනි සංශෝධනය භයානක වෙන්නේ ඒ මගින් පරමාධිපත්‍ය බලය බෙදීයන නිසයි. ජාත්‍යන්තර නීතියට අනුව එහෙම බෙදීගිය පරමාධිපත්‍ය ක්‍රියාත්ක කිරීමට ඉඩ නොදේ නම් වෙන්ව යාමේ අයිිතිය ලැබෙනවා. ඒ නිසා පොලිස් බලය නැතිව සෙසු බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ඉඩදීල ඉඩම් ප්‍රඥප්ති වගේ ප්‍රඥප්ති ගෙනල්ලා ඉඩම් බලය අයුතු ලෙස භාවිත කරන විට ඒක නවත්තන්න හැදුවොත් ගැටුම එනවා ජාත්‍යන්තරය පටලවා ගන්න. ඒක තමියි බෙදුම්වාදීන්ට ඕනෙ. ඔවුන්ට පොලිසියක් පෞද්ගලික ආරක්ෂක සමාගමක් ලෙස පිහිටුවාගන්න පුලුවන් ආරක්ෂාවට අදාළව පමණක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
