
ඉන්දියාව ලංකාවේ විදුලිබලය අත්නොහරී... ඉන්දීය ඉහළ නියෝජිත පිරිසක් තවත් සාකච්ඡාවක
ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවකට එක් විය.
ඉන්දියාව සමග සැලසුම් කර ඇති විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන, මෙගාවොට් 130ක සාම්පූර් විදුලිබල ව්‍යාපෘතිය, යාපනය දිස්ත්‍රික්කයේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට යෝජිත විද්‍යුත්කරණ ව්‍යාපෘතිය මෙන්ම ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක වන අනෙකුත් පුනර්ජනනීය ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මෙන්ම එහි වත්මන් ප්‍රගතිය සහ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනිණ.
ඉන්දියානු විදුලිබල අමාත්‍යාංශය, ඉන්දියානු මධ්‍යම විදුලිබල අධිකාරිය, ඉන්දියානු ජාතික තාප බලශක්ති සමාගම, පවර් ග්‍රිඩ් සමාගම නියෝජනය කරන ජේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉන්දියානු දූත පිරිස දින තුනක් මෙරට රැදී සිටිමින් දෙරට අතර විදුලිබල සහයෝගිතාවය සම්බන්ධයෙන් වූ සාකච්ඡා සඳහා සහභාගි වේ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
