
මොන්ටිසෝරියේ සිට ලිංගික අධ්‍යාපනය දෙන්න යයි... ප්‍රකාශන එළිදැක්වීම මාර්තු 07 දා
පූර්ව ළමා විය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් කටයුතු යොදා ඇති බව ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පවසන අතර, 2024 මාර්තු 07 වැනි දින මෙම ප්‍රකාශන එළිදැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව ස එම සංසදය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්නගේ ප්‍රධානත්වයෙන් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ විය.
ශ්‍රී ලංකාවේ බොහෝ ගැටලුවලට පදනම වන ලිංගික අධ්‍යාපනයට අදාළ පුද්ගලයන්ගේ සීමිත දැනුම වැඩිදියුණු කිරීමේ මූලික අරමුණින්, ලිංගික අධ්‍යාපනය පිළිබඳ මෙම අධ්‍යාපනික ප්‍රකාශන සකස් කර ඇති බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව නිලධාරීහු සංසදය වෙත දන්වා ඇත.
මෙම අධ්‍යාපනික ප්‍රකාශන පෙර පාසල් දරුවන්ගේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වැඩිහිටි ප්‍රජාව දක්වා ගැලපෙන පරිදි සකස් කර ඇත.
මෙම ලිංගික අධ්‍යාපන ප්‍රකාශන අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය සහ අනුමැතිය යටතේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විසින් සම්පාදනය කර ඇති බව සංසදය හමුවේ අදහස් දක්වමින් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
පළමු අදියර යටතේ මෙම ලිංගික අධ්‍යාපන ප්‍රකාශන ‘ඊ ප්‍රකාශන’ ලෙස ලබාදීමට යෝජිත අතර, සමාජයේ සෑම වයස් කාණ්ඩයකටම ලිංගිකත්වය පිළිබඳ විධිමත් දැනුමක් ලබාදීමෙන් සමාජය තුළ මතුවන අර්බුද රැසක් සමනය කර දරුවන් ආරක්ෂා කර ගත හැකි බව නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
