
රනිල් ජනාධිපති අපේක්ෂක කිරීම පක්ෂයේ මතය නෙවෙයි... සුළු පිරිසකගේ මතය පමණයි - නාමල් කියයි
වත්මන් රජයේ ඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත් එය පක්ෂයේ මතය නොවන බවත්, ඡන්දය ප්‍රකාශයට පත් කළ පසු පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .
මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවනු ඇත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි.
"ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටින අපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා. තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා. නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ."
තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය .
මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතතාවය පිළිබඳ පනතට කතානායකතුමා අස්සන් කළා යයි විපක්ෂය කලබල කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුකතා නායකවරයා ඊට අත්සන් තබා ඇති බවත් ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කථානායකවරයාට තීරණයකට එළඹිය හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය .
- අද -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
