පාතාලයන්ගේ තර්ජන හමුවේ විදෙස්ගත වූ IP
පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතව තිබේ.
ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බව සඳහන් ය.
පසුගිය 14 වනදා පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතවී තිබුණි.
පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු ප්‍රංශය බලා පිටක්ව ගොස් ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් ඔහුට සහ පවුලේ අයට එල්ලවන බව කියන මරණ තර්ජන හමුවේ බව වාර්තා වෙයි.
කප්පම් ගැනීමේ සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හීනටියන මහේෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව පවසමින් ඔහුට දුරකථන ඇමතුමක් දී තිබුණි.
පසුගියදා අදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනකුට වස ලබාදීමේ සිද්ධියේ විමර්ශන සිදුකළේද පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකි.
විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග නැවත පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ලවී තිබුණි.
ඒ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් බව පැවසෙයි.
මෙලෙස පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් එල්ලවන දැඩි තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාට සන්තකයේ තබාගැනීම සඳහා නිල ගිනි අවියක් ද නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් සිය ආරක්ෂාව තකා ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබෙන්නේ සිය බිරිඳ සහ සත් හැවිරිදි දියණිය මෙරට ආරක්ෂිත ස්ථානයක සඟවමිනි.
ප්‍රංශයේ සිට අද දෙරණ ඇමතූ පොලිස් පරීක්ෂඛවරයා සඳහන් කළේ තම දියණියගේ පාසල් ගමන පවා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.
"මට පහුගිය කාලය තුළ කොළඹ සිද්ධවෙච්ච සියලුම මනුෂ්‍ය ඝාතනවලට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ විමර්ශනය කරලා. නමුත් මේ විමර්ශන දිගින් දිගටම කරගෙන යනකොට පාතාල කල්ලි සියල්ල අල්ලගෙන යනකොට මගේ ජීවිතයට සහ මගේ බිරිඳගේත්, දියණියගේත් ජීවිතවලට තර්ජනයක් ආවා. මං ඒවා නොතකා දිගින් දිගටම රාජකාරි කළා. අන්තිමට මම ලංකාවෙන් ආවේ 14 වැනිදා. එදා එනකොටත් මම ආදුරුප්පුවීදිය පොලිසියේ සැකකරුවන්ට වසදී/ම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කරලා ආවේ ප්‍රංශයට. මේ දිගින් දිගටම තියෙන තර්ජන හේතුවෙන් තමයි මම රටින් ආවේ. දැන් මම ලංකාවෙන් ආවත් මගේ දියණිය බිරිඳ මගේ නිල නිවාසයෙන් එළියට ගෙනල්ලා හංගලා තියෙන්නේ. එයාලගේ ජීවිතවලට ලොකු ප්‍රශ්නයක් තියෙන හින්දා. මම ඉල්ලා හිටින්නේ ඒ කට්ටියගේ ජීවිතවලට තර්ජනයක් නොවෙන ආකාරයෙන් එයාලව ආරක්ෂා කරලා දෙන්න කියලා. රටේ, හරි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා නිවැරදි ගමන් මාර්ගයක් ඔස්සේ යනවනම් මට තව දශක දෙකකට වැඩි සේවා කාලයක් තියෙනවා. ඕනම වෙලාවක ලෑස්තියි ඇවිල්ලා රට වෙනුවෙන් වැඩකරන්න".
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පසුගිය වසරේ වැඩිම මනුෂ්‍ය ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් නිලධාරියා බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.
එමෙන්ම පසුගිය වසරේදී නීතිවිරෝධී ගිනි අවි හා අත්බෝම්බ වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේද ඔහු බව සඳහන් ය.
හරක්කටා CIDයෙන් පලායෑමේ සිද්ධියේදී විමර්ශන සිදුකළ දුමින්ද ජයතිලක මහතා විසින් ඊට අදාළ සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් බහුතරයක් මේවන විටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකෙරෙයි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්