
කථානායකට එරෙහි විශ්වාසභංගයකට අත්සන් තැබීම අරඹයි
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් අත්සන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබේ.
එම විශ්වාසභංග යෝජනාව තුළින් මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බව මෙහි සඳහන් වේ.
එසේම එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණ අනුව කටයුතු නොකර ඇති බවත් එසේ කටයුතු නොකිරීම නිසා දැනට එම පනත පවතින ආකාරයෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් ලැබී ඇත්ද යන්න පිළිබඳ බලවත් ප්‍රශ්නයක් නැගී ඇති බවත් කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
